gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"කතාව ඇත්ත... බැන බැන මැසේජ් දාන්න එපා..." - මහේෂි කාටත් රහසේම ලංකාවෙන් ගිහින්ද?

මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්.

බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්.

දරුවන් දෙදෙනාගේ බාලයා ලෙස මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගලදී. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි. 

ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වූවා.

ඇය විද්‍යාලීය වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද හොඳින් රඟපෑම සිදුකර තිබෙනවා.

ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා . 

ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.

ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා.

ඒ වගේමයි පළමු වරට විවාහ වුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ.

පුංචි තිරය හැඩකළ මහේෂි නුදුරේදීම විදෙස්ගත වෙන්න සූදානමින් ඉන්නවා කියන ආරංචිය.

ඒ ගැන ඇය කිහිප විටකදීම ප්‍රසිද්ධියේ ම කියලත් තිබුණා.

ඈ එහෙම විදෙස්ගත වීමට තීරණය කිරීම ඈට ආදරේ කරන කාටත් දුකට කාරණයක් වී ඇති හැඩයි.

මොකද මහේෂි කියන්නෙම මතක හිටින චරිත රැසක් එක්ක ආලින්දයට ගොඩවැදුණු දක්ෂ රංගන ශිල්පිනියක් වීම නිසාවෙන්..

ඈ ලබන ආදරේ කෙතරම් ද කිව්වොත් ගෙවුණු දවසක සිය රසික සමූහයාගෙන් මහේෂි ටිකක් විතර බැනුම් අහලත් තිබුණා.

ඒකට හේතුව වුණේ ඇය සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කළ මෙන්න මේ ඡායාරූප…

ඔන්න ඉතින් අන්තිමට ඒ ඡායාරූප පිටුපස කතාව ගැන කියන්න මහේෂිට ‘ලයිව්’ එක්කුත් එන්න වෙලා.

”…කට්ටිය මට බනිනවා,

මම ෆොටෝ එකක් දැන්මා නිකන් අර විග් එකක් දාලා.

මේගොල්ලො හිතුවෙ මම කොණ්ඩෙ කලර් කරලා කියලා.

ඔක්කොම බැන බැන මැසේජ් දානවා.

ඒක ඇත්තටම විග් එකක්. ස්තුතියි ඒ ආදරේට…”

ඒ වගේම මහේෂි විදෙස්ගත වෙලා කියලා ආරංචියකුත් තියෙනවා.

කතාව ඇත්ත !!

සැමියා නියුතු රැකියාවත් එක්ක මහේෂි විදෙස්ගත වනවා කියන කාරණය අමුතු එකක් නොවන වග ඔබ දැනටමත් දන්නවනෙ.

මේ විදෙස්ගත වීමත් අන්න එහෙම එකක්. දින 4ක ගමනකට පසු ආයෙමත් ඈ ලංකාවට ඇවිත්.

ඒ අතරතුර ගත් සේයා රූ කිහිපයක්ද සිය ෆේස්බුක් ගිණුමට එක්කාසු කරන්න මහේෂි අමතක කරලා නෑ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka