gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කාමරය අවුස්සලා – පැළඳ සිටි රන්බඩුත් පැහැරගෙන කඩුවෙල දෙදරු මවගේ ඝාතනය අභිරහසක්!

කඩුවෙල, කොතලාවල, පට්ටියවත්ත පාරේ සිය නිවස තුළ ලේ ගැලූ තුවාල සහිතව මියගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් කඩුවෙල පොලිසියේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ අජන්තා (51) නමින් හැඳින්වෙන දෙදරු මවක වන අතර බදාදා දහවල් 11.00 ට පමණ ඇය නිවස තුළ වැටී සිටිනු දුටු අය වහාම 1990 ගිලන් රථ සේවයට දන්වා ඇති අතර ඔවුන් පැමිණ පවසා ඇත්තේ ඇය මියගොස් ඇති බවය.

ඇගේ ස්වාමිපුරුෂයා, දියණිය සහ පුත්‍රයා උදෑසන රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර මෙම කාන්තාව තනිව නිවස තුළ සිට ඇත. ඇයද කඩුවෙල නගරයේ වෙළෙඳ සැලක සේවය කරන අතර ඇය සේවයට සාමාන්‍යයෙන් යන්නේ පෙරවරු 11.00 ට පමණ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ඇයගේ හිසෙහි පිටුපස විශාල තුවාලයක් තිබී ඇති අතර මුහුණේ සීරුම් තුවාලද තිබී ඇත. ඇය පැළඳ සිටි රන් ආභරණයක්ද අතුරුදන්ව තිබීමත් නිවසේ කාමරය තුළ යමක් සොයන ආකාරයෙන් අවුස්සා තිබෙන අයුරුත් පරීක්ෂණ කණ්ඩායමේ දැඩි නිරීක්ෂණයට හසුවිය.

මේ අනුව පොලිසිය සැක කරන්නේ කිසියම් සොරකමක් කිරීම සඳහා ගෙට ඇතුල් වූ අයෙකුගේ පහරදීමකින් හෝ ඇද වැටීමකින් මෙම මරණය සිදුව ඇති බවය. පොලිස් නිල සුනඛ අංශයද, ඇඟිලි සටහන් පරීක්ෂණ අංශයද පරීක්ෂණ සඳහා එක්වූ අතර කඩුවෙල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. කාන් වීරසිංහ මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් ප්‍රේමතිලක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka