gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටපුරා සියලු පාසල් දැරියන්ට සතුටුදායක ආරංචියක්... අලුත් අවුරුද්දෙන් පසු ලැබෙන විශේෂ මුදල මෙන්න

පාසල් දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂක පුරුදු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දෙමින් සිටින දැරියන් වෙත ඒ සදහා ද අවස්ථා සලසමින් එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු මෙරට පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා වවුචරපත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

දුෂ්කර, අතිදුෂ්කර, හුදකලා ප්‍රදේශවල සහ හදුනාගත් දරිද්‍රතාව සහිත පාසල්වල ලක්ෂ අ‍ටකට ආසන්න පාසල් දැරියන්ට ඒ අනුව සනීපාරක්ෂක තුවා බෙදා දීම‍ට පියවර ගන්නා බවත්, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වනවිට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ සඳහා රජය විසින් වැය කිරීමට අපේක්ෂිත ප්‍රතිපාදනය රුපියල් බිලියනයක් පමණ වන අතර,එක් වවුචර පතක ව‍ටිනාකම රුපියල් 1200ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

අමාත්‍යවරයා අවධාරණය කළේ නිරෝගී සෞඛ්‍ය සම්පන්න පුරුදුවලින් පාසල් දරුදැරියන් සවිමත් කරමින් ආර්ථික අපහසුතා සහිත පවුල්වල දැරියන්ට සහාය ලබාදීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණ වන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka