gossip lanka

''අප රට තුළ ඔයාගෙ දක්ෂතාවයට ඇගයීමක් නොලැබුණත්, ලැබිය යුතු ජයග්‍රහණය ජාත්‍යන්තරව ඔයාට ලැබුණා '': සනුක - වින්ඩි දෙපළට ලැබුණු විශේෂ සුබපැතුම

සනුක - වින්ඩි දෙපළ ලද සුවිශේෂී ජයග්‍රහණය ගැන තොරතුරු ඊයේ අපි ඔබට අරන් ආවා.

දෙස් විදෙස් රසික ප්‍රතිචාර නොඅඩුව ලැබූ 'අයියෝ සාමි' ගීත නිර්මාණයයි මෙවන් ජයග්‍රහණයකට මංපෙත් විවර කර තිබුණේ.

ඒ අනුව මාර්තු 24 චෙන්නායි හි පැවති 16 වන Annual Edison Awards හිදී 'Sensational Song of the Year 2023' මැයෙන් 'අයියෝ සාමි' පිදුම් ලැබීමට සමත්කම් දක්වා තිබුණා.

ලද සම්මානයේ සතුට සමාජ මාධ්‍යය ඔස්සේ සිය රසික සමූහයා එක්ක බෙදාගැනීමත් සමඟ, සනුක - වින්ඩි ඇතුළු 'අයියෝ සාමි' කණ්ඩායමටම ලැබී තිබුණේ ඉමහත් රසික ගෞරවාදරයක්.

එහෙම ලැබෙන සුබපැතුම්, ආශිර්වාද රැසක් එක්ක ඔවුන්ගේ සුවිශේෂී ජයග්‍රහණය උඩු ගුවනේදීම සැමරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයත් මේ විදියට කටයුතු කර තිබුණා.

ලාංකීය දමිළ ගීතයකට මේ ලැබුණු ජාත්‍යන්තර සම්මානය සැබවින්ම ඉහළින්ම අගය කළ යුත්තක්.

එඩිසන් සම්මාන උළෙල හඳුනාගැනෙන්නේ, 2009 වසරේ සිට දමිළ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ විශිෂ්ට නාම උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලක් හැටියට.

ඒ අනුව එය ඉන්දීය සිනමාවේ ප්‍රවීණයන් සහ නැඟී එන දක්ෂතා ඇගයීම සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා. මෙය තෝමස් අල්වා එඩිසන්ට කරන ගෞරවයක් වශයෙනුයි ''එඩිසන් සම්මාන උළෙල'' මැයෙන් නම්ව ඇත්තේ.

දශක එකහමාරකට වැඩි කාලයක් තිස්සේ එය විජය, ධනුෂ්, සිම්බු සහ වික්‍රම් වැනි ප්‍රකට චරිතවල සිට සිවකාර්තිකේයන්, අනිරුද් වැනි නැගී එන තරු දක්වා ඇගයීමට ලක් කර තිබෙන ජාත්‍යන්තර වේදිකාවක්.

නව්‍යකරණය, විශිෂ්ටත්වය සහ නිර්මාණශීලීත්වය පෙරටු කරගත් එවන් සුවිශේෂී සම්මාන වේදිකාවකයි ලාංකීය නාමයත් කියවුණේ.

එලෙස ජාත්‍යන්තර‍ය දිනූ සනුක - වින්ඩි ඇතුළු 'අයියෝ සාමි' කණ්ඩායමට දසතින් ගලාගෙන එන සුබපැතුම් මැද අපේ ඇස නතර කළ ආදරණීය සුබපැතුමකි මේ.

එය ලැබී තිබුණේ වින්ඩිගේ ආදරණීය අක්කාගෙන්. එහෙමත් නැත්නම් ජනප්‍රිය ගායිකා රයිනි චාරුකාගෙන්...

''Congratulations to my little sister Windy Goonatillake for the award received at the Edison Awards,

India for “Ayyo Saami” !

ඔයාගෙ හැකියාවට ඔයාගෙ ප්‍රේක්ෂකන්ගෙන් වටිනාකම් ලැබුනද...

යම් අවස්තාවන්හීදී අප රට තුලදි ඔයාගෙ දක්ශතාවයට ඇගයීමක් නොලැබුනත්, ලැබිය යුතු ජයග්‍රහණක් ජාත්‍යන්තරව ඔයාට ලැබුනා!

මේ වගේ ජයග්‍රහණ පිරුණු මං මාවත් තව තවත් විවර වෙනවා අනිවාරෙන්ම.

මේ සාර්ථකත්වය පසුපස ඉන්න යෝධ සෙවනැල්ල Sanuka මල්ලි & Pottuvil Asmin ඔයාලටත් සුබ පැතුම්!
gossip lanka