gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒඩ්ස්වලට බයේ සේවිකාවෝ ස්පාවලින් යනවලු – රට පුරා ස්පා ගොඩක් වැහෙන්න ළඟයිලු

මීගමුව ප්‍රදේශයේ එච්.අයි.වී  ආසාධිතයන් දෙදෙනකු හඳුනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රහසිගතව ගණිකා සේවය ලබාදෙන දිවයිනේ බොහෝ ප්‍රදේශවල ස්පා මධ්‍යස්ථාන වසා දැමීමට ආසන්න බව වාර්තා වේ.

ස්පා මුවාවෙන් ක්‍රියාත්මක වන ගණිකා මඩම්වල සේවයේ නියුතු කාන්තාවන් එච්.අයි.වී වලට බියෙන් එම ආයතනවලින් ඉවත්වීමට පටන් ගෙන ඇති බව වාර්තා අනාවරණය කරයි.

විශේෂයෙන් නුගේගොඩ සහ තලවතුගොඩ ආශ්‍රිතව ක්‍රියාත්මක වන ස්පා මධ්‍යස්ථානවලට මෙම තත්වය දරුණු ලෙස බලපා ඇත්තේ, ඉන් සැලකිය යුතු ස්ථාන සංඛ්‍යාවක රහසිගතව ගණිකා වෘත්තිය ක්‍රියාත්මක වන බැවිනි.

මීගමුවේ පොලිසිය විසින් පසුගියදා සිදුකළ මහාපරිමාණ වැටළීමකදී ස්පා සහ සුවතා මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 53ක් සොයාගෙන ඇති අතර, ඒවායේ සිටි කාන්තාවන් 140ක් පමණ අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ පොලිස් බුද්ධි අංශ විසින් රැස්කරන ලද බුද්ධි තොරතුරු මගිනි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු තමාට එච්.අයි.වී අසාදනය වී ඇති බව හෙළිකර ඇති අතර, තමා මිගමුව ප්‍රදේශයේ ස්පා මධ්‍යස්ථානවලය යන බවද සඳහන් කර තිබේ.

මෙම වැටළීම් සිදුකිරීමට එම අනවරණයද හේතුවී ඇතැයි පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka