gossip lanka

සිසුන් 5ක් සිසුවියො 2ක් පාළු ගොඩනැගිල්ලක අරක්කු පාටියක් දාලා!

වැලිමඩ ප්‍රදේශයේ පාළු ගොඩනැගිල්ලක මත්පැන් සාදයක් පැවැත්වූ පාසල් සිසුන් පිරිසක් පොලිස් භාරයට ගෙන තිබේ.

වැලිමඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම ගොඩනැගිල්ල වැටළීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.

එහිදී පාළු ගොඩනැගිල්ලේ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පස්දෙනෙකු සහ පාසල් සිසුවියන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම සිසුන් අධික මිලට අලෙවිවන මත්පැන් පානය කරමින් සිටි බව වාර්තා වේ.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ උපකාරක පන්ති යන මුවාවෙන් පාළු ගොඩනැගිල්ලට රැස්ව මත්පැන් සාදයක් සංවිධානය කළ බවයි.

මෙම පිරිස ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත්තේ අගුළු බිඳීමෙන් බවටද අනාවරණ වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය මේ වනවිට වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
gossip lanka