gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මියන්මාරයේ පරිගණක වහලුන් ලෙස සිටින ශ්‍රී ලාංකික තරුණයින් 57 දෙනාගෙන් 08ක් රජය මැදිහත්ව බේරාගත් බව කීම අමූලික බොරුවක්!

මියන්මාරයේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන සිටින  තරුණයින් 47 දෙනා අතරින්  8 දෙනෙකු  රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් ඔස්සේ බේරාගත් බවට රජය මෙයට සති තුනකට ඉහත දී කළ ප්‍රකාශය අමුලික බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමින් බැහැ දැකීමට ගම්පහ බෙම්මුල්ල  විද්‍යාකර පිරිවෙනට ගිය අවස්ථාවේදී ය .

එහි දී වසන්ත යාපා බණ්ඩාර  මන්ත්‍රීවරයා  මෙසේද කීවේය.

අපි දන්නා පරිදි රජය විසින් බේරාගත්තා යැයි කියන තරුණයින් අට  දෙනා එරට රිබෙල් හමුදාවේ පොලිසියක දැනට රඳවාගෙන සිටිනවා. පසුගිය කාලයේ ඒ රිබෙල් හමුදාව ලුහුබැඳ චීන කණ්ඩායම් විසින් පහරදී තිබෙනවා. එයින් බේරීමට ඔවුන් තමන්ගේ කඳවුරු අතහැර යනකොට දුර්වල කඳවුරක හිටපු අපේ තරුණයින් 8 දෙනෙකු මියන්මාරයේ රිබෙල් හමුදාවට සම්බන්ධිත පොලීසියක  රඳවාගෙන තිබෙනවා. ඒ ළමයි තවමත් ලංකාවට ගෙනවිත් නැහැ.

එසේ තිබියදී බොරුවට රජය පෙන්වනවා රාජතාන්ත්‍රික ආකාරයට මේ අය මුදාගත්තා කියලා.  මෙම කරුණු කාරණා  අප විමසා බැලුවා. ඒ අනුව මහානායක ස්වාමීන් වහන්සේටත් මෙම කරුණු සම්බන්ධයෙන් දැනුම් දුන්නා. ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන්  වහන්සේලාගේ අත්සනින් යුතු සංදේශයක් රැගෙන මියන්මාරයට යෑමට අපේක්ෂා කරනවා. එම සංදේශයට මකුලෑවේ මහනාහිමියන්ගේ අත්සන ලබා ගත්තා. මේ වනවිට මල්වතු අස්ගිරි,රාමඤ්ඤ හා අමරපුර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා මෙයට අත්සන් තබා අවසානයි.

මියන්මාරයේ තානාපතිවරයාට මුලින් මෙහි පිටපතක් බාර දෙනවා. අනතුරුව මුල් පිටපත රැගෙන මියන්මාරයට ගොස් සිතගු සියාඩෝ අනුනායක ස්වාමින්වහන්සේ මගින් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක එරට රාජ්‍ය පාලකයින් සමඟ සාකච්ඡාවක් ආරම්භ කර වහාම මේ තරුණයින් බේරා ගැනීමට අදාළ කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයකු ලෙස මගේ මැදිහත් වීම කරනවා.

මියන්මාරයේ මියාවඩි ප්‍රදේශය භාර තායිලන්තයේ ප්‍රධාන හමුදා නායකයකු සමඟද සාකච්ඡාවක් ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි.  අදාළ තරුණයින් සියලු දෙනා බේරාගැනීමට කළ හැකි සියලු මැදිහත්වීම් කිරීමට කටයුතු කරනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka