gossip lanka

කතරගම නගරය මැද මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු ගහගනී... දෙදෙනාම රෝහලේ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ලද කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා හා එහි හිටපු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු කතරගම නගර මධ්‍යයේ ගුටිබැට හුවමාරුවක් සිදු කරගෙන ඇත.

ගුටිබැට හුවමාරැවෙන් පසු තුවාල ලැබූ දෙදෙනාම කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

විසි හත් වනදා රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර මන්ත්‍රීවරුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.

කතරගම අවුරුදු උත්සවය සඳහා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සහභාගි කර ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මත මෙම ගුටි හුවමාරුව සිදුව ඇත.
gossip lanka