gossip lanka

කුඩ්ඩො බේබද්දන්ට තිත - ජනතාවත් මෙහෙයුමට සම්බන්ධයි

මත්ද්‍රව්‍ය නිවාරණ සඳහා මුළු දිවයිනම ආවාරණය වන පරිදි මහජනයාට තොරතුරු ලබා දිය හැකි විශේෂ මෙහෙයුම් මැදිරියක් ඊයේ (22) පොලිස් මුලස්ථානයේදී ස්ථාපිත කළ බව පොලිස් මුලස්ථානය කියයි.

පොලිස්පතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා
පැවැසීය.

මෙම මෙහෙයුම් මැදිරියට විශේෂ දුරකතන අංක දෙකක් , ෆැක්ස් අංක දෙකක් හා විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

011-3024820, 011-3024840, 011-3024850 , යන දුරකතන අංක වෙත හා 011-2430912, 011-2472757 යන ෆැක්ස් අංකය හෝ, sandsand@police.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවැසීය.

පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මත වන මෙම මෙහෙයුම් මැදිරියට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලබා දෙන්නන්ට ත්‍යාග ලබා දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

gossip lanka