ගම්පහ රෝහලෙන් ජනපතිට ලියුමක්
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා එම රෝහලෙහි වෛද්‍ය, හෙද ඇතුළු සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කාර්ය මණ්ඩලයෙහි 900 කට අධික පිරිසකගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කොට ඇත.
දිවයිනෙහි වැඩිම ජනතාවක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රධාන නගරය වන ගම්පහ පිහිටා ඇති බස්නාහිර පළාත් සභාවට අයත් මෙම රෝහලෙහි පහසුකම් හා සේවා අතින් අවම මට්ටමක පවතින බැවින් මධ්‍යම රජයට පවරා ගෙන රෝහල දියුණු මට්ටමකට පත් කර දෙන ලෙස ඉල්ලා සිටිමින් මෙලෙස ලිපියක් ඉදිරිපත් කොට තිබේ.

කැබිනට් පත්‍රිකා අධ්‍යයනයටත් කමිටුවක්
අමාත්‍යවරුන් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කිරීමට පෙර අධ්‍යයනය කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගෙන් සැදුම් ලබන මෙම කමිටුවේ ප්‍රධානත්වය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් දරනු ඇති බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේය.

2019 වසරේ සිට රත්තරන් මිල වෙනස් වෙන්න මෙහෙමයි
2018 වසරේදී රන් මිල කැපී පෙනෙන ලෙස පහත වැටුණද, ලබන වසරේදී නැවතත් ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ආයෝජකයන් ඇතුලූ වෙළඳපොල පාර්ශවකරුවන් අතර පැවැත්වූ සමීක්ෂණයකට අනුව ඊට සහභාගිවූවන් අතුරෙන් බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1500 ඉක්මවනු ඇති බවයි.

සුහුරු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම හෙට සිට
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2019 ජනවාරි 1 දා සිට මුළු දිවයිනටම සුහුරු ජාතික හැඳුනුම්පත් (Smart National Identity Card) නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත්වල පමණක් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

ඇම්පියර් 5-15 විදුලි කෙවෙනි අද සිට තහනම්
මෙරට භාවිත කරන ඇම්පියර් 5 සහ 15න් යුතු විදුලි පේනුසහ විදුලි කෙවෙනි විකිණීම, ප්‍රදර්ශනය සහ ගබඩා කොට තබා ගැනීම අද (31දා) සිට තහනම් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ විදුලි පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිලන්ත සපුමානගේ පැවැසීය. ඒ අනුව මෙරට ජාතික ප්‍රමිතිය ලෙස ඇම්පියර් 13 ට් වර්ගයේ හතරැස් කොටු විදුලි පේනු සහ කෙවෙනි පමණක් විකිණීම සිදු කළ යුතු බවද ඔහු පැවැසුවේය.
පිස්තෝල පෙන්නා තර්ජනය කළ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට
ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (29) අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාර මන්ත්‍රී දිනේශ් ද සිල්වා ජාඇල පිහිටි ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුට අමතරව තවත් දෙදෙනෙක් සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබී පිස්තෝලයක් ද හමුවූ බවත් පොලිසිය පවසයි.

උසස් පෙළ දක්ෂයෝ වැඩිදෙනා බස්නාහිරෙන් !
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව විද්‍යාව විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය දිනා ගෙන ඇත්තේ, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ, කළණි සමුද්‍රා රාජපක්ෂයි.
එම විෂය ධාරාවෙන් දෙවැනි ස්ථානය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රවිදු ශෂික ඉලන්ගම්ගේ විසින් දිනා ගෙන ඇති අතර තෙවැනි ස්ථානය හිමි ව ඇත්තේ, මාතලේ සහිරා විද්‍යාලයේ, මුහම්මද් රිස්මි මුහම්මද් හකීම් කරීම්ටය.

රගර් තරගයක් අතරවාරයේදී යෝශිත අනතුරකට ලක්වෙයි
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ ඉකුත්දා පැවති රගර් තරගයක් අතරවාරයේදී අනතුරකට මුහුණ පෑමෙන් අනතුරුව කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව වාර්තා වනවා.
අනතුරෙන් යෝෂිත රාජපක්ෂගේ හිසට සහ මුහුණට දැඩි සේ හානි සිදුවී තිබෙනවා. ශල්‍යකර්මයක් මගින් යෝෂිත රාජපක්ෂගේ මුහුණේ නිකට ආශ්‍රිතව යකඩ තහඩු කැබිලි යොදා ගෙන යලි සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

නවසීලන්ත ක්‍රිකට් පොතේ සටහනක් තබමින් ශ්‍රී ලංකාව පරාජය වැළඳ ගත් හැටි
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් වාර්තාගත දැවැන්ත ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, ක‍්‍රයිස්චර්ච්හිදී පැවති තරගය ලකුණු 423 කින් ජය ගනිමින්.
ජාත්‍යන්තර ටෙස්ට් කි‍්‍රකට් පිටියේ කණ්ඩායමකට එරෙහිව නවසීලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා. මෙම තරගයේ ලකුණු 660 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට දෙවනි ඉනිමේදී සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 236 ක් පමණයි.

වැරැද්ද යට ගහන්න අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාට පොලිස්පති නියමයෙන් වැඩ වරදී - (video)
රථ වාහන පොලිස් නිළධාරීන් පිරිසක් සිය රාජකාරි කටයුතු සිදුකරමින් සිටින අතරතුර රියදුරෙකුගෙන් අල්ලස් ගන්නා අවස්තාවක් දැක්වෙන වීඩියෝවක් අප මීට පෙර වාර්තා කළා. පසුගිය 26 වෙනිදා පරණ පාර්ලිමේන්තුව අසලදී පොලිස් හදිසි ඇමතුම් අංශයට අනියුක්තව සේවය කරන පොලිස් නිළධාරීන් දෙදෙනෙකු එලෙස අල්ලස් ගෙන තිබූ අතර එම සිදුවීම යම් පුද්ගලයෙකු වීඩියෝගත කර සමාජ ජාල මාධ්‍යයන් වෙත මුදාහැර තිබුනා.
“සේනා” කොඩිවිනයක්වී වී වගාවත් වනසයි !
සීඝ්‍රයෙන් බෝවන ආක්රමණශීලී ‘ආගන්තුක සේනා’ දළඹුවා නිසා මහකන්නයේ වී වගාව අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.
ස්පොඩොප්ටෙරා ෆ්රැජිපර්ඩා (Spodoptera frugipeda) හෙවත් ෆෝල් ආමි වෝම් (fall army worm) නමින් හඳුන්වන සේනා දළඹුවා මෙතෙක් බඩ ඉරිඟුවලට වැඩි වශයෙන් හානි සිදුකරන බවට වාර්තා වුවත් පසුගිය සතියේදී ප්‍රථම වතාවට පොළොන්නරුව සිංහපුර ප්‍රදේශයෙන් මහකන්නයේ වගාකළ ගොයමට හානි සිදු කර තිබියදී සොයාගැනීමට හැකිවූ බව පොළොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක ආර්.පී උපාලි මහතා තහවුරුකර තිබේ.

විදේශ ආයෝජන ඩොලර් මිලියන 640 ක් ඉවත් කරගෙන
පසුගිය ඔක්‌තෝබර් මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 172 ක ආයෝජන ශුද්ධ වශයෙන් පිටතට ගලාගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ඒ සමඟ මේ වසරේ (2018) මුල් මාස දහයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් පිටතට ගලාගෙන ගොස් ඇති මුළු ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 640 ක් දක්‌වා ඉහළ ගොස් ඇතැයි ද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

උසස් පෙළ ප්‍රතිඵල තව පමාවෙයි
සෑම වසරකම උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිශ්චිත දිනයකදී නිකුත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසරේ දී උපදෙස් දී තිබුණත් මෙවර උසස් පෙළ ප්‍රතිඵල එම දිනයේදී ලබා දීමට නොහැකි වී ඇතැයි විභාග දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
උසස් පෙල ප්‍රතිඵල දෙසැම්බර් 28 වැනි දාත්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වැනි දාත්, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර 05 වැනි දාත් ලබා දෙන ලෙස මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබිණි.

ලංගමට හයිබ්‍රිඩ් බස්
ලංකා ගමනා ගමන මණ්ඩලයට නවීන තාක්ෂණයෙන් යුතු හයිබ්‍රිඩ් වර්ගයේ බස් රථ මේ වසර අවසන් වීමට පෙර ධාවනය ට එක් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අසෝක් අබේසිංහ මහතා පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යංශයේ දී සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේ දීය. මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා, නව රජය යටතේ කඩිනම් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. එම සැලැස්ම 2019 වසරේ දින 300 කඩිනම් සංවර්ධන සංග්‍රාමය ලෙස හඳුන්වනවා. ලබන ජනවාරි 8වැනි දාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයන් හට නව සැලැස්ම ඉදිරිපත් කරනවා. මෙයින් ඉතා විශාල සංවර්ධනයක් ඇතිවෙයි කියා බලාපොරොත්තු වෙනවා.

ගුරුවරුන්ටමයි කැපිලි - ඇගයීම් ගාස්තුත් කපයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පළ කරන බවත් වහාම එය සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසත් සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.
පසුගිය 2017 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය උත්තර පත්‍ර ඇගයීම් සඳහා එක් පත්‍රයකට රුපියල් 140ක් ගෙවූ අතර එය මෙවර රුපියල් 120 දක්වා අඩු කර ඇති බවත් එමෙන්ම එක් උත්තර පත්‍රයක් පරීක්ෂා කිරීම සඳහා ගෙවන ලද රුපියල් 38ක ගාස්තුවද රුපියල් 29 දක්වා පහත දැමීමට කටයුතු කර ඇති බවත් ජයසිංහ චෝදනා කරයි.

දුම්රිය වර්ජනය අත්හිටුවයි
සිය වෘත්තීය ඉල්ලීම්වලට මාසයක් ඇතුළත විසඳුම් ලබාදෙන බවට ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතා ලබාදුන් ලිත පොරොන්දුව මත ඊයේ (26 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අත්හිටවූ බව දුම්රිය රියෑදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පැවැසීය.
වැටුප් සහ ශේ්‍රණි විෂමතා මුල්කර ගනිමින් දුම්රිය රියෑදුරු නියාමක, ස්‌ථානාධිපති, පාලක සහ අධීක්‍ෂණ කළමනාකාර යන ශේ්‍රණි පහක සේවකයන් වැඩ වර්ජනය කිරීමට තීරණය කර තිබිණි.

ගාල්ලේ රූම් එකක ගංජා වැවූ සුද්දා කොළඹින් ඇවිත් අල්ලයි !
ගාල්ල, අක්මීමන, වලහන්දුව සේනානායක මාවතේ නිවසක කාමරයක් තුළ වගාකර තිබූ ගංජා පැළ හතක් සමඟ නවසීලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ නිවාරණ ඒකකය කියයි.
ගංජා පැළවලට අවශ්‍ය වාතය හා හිරු එළිය ලබාගැනීම සඳහා විශේෂ යන්ත්‍රයක් උපයෝගී කරගෙන ඇතැයි පොලිසිය කියා සිටී. සැකකරු ගංජා වලට රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කොට “කුෂ්“ නමැති මත්ද්‍රව්‍යක් ද නිෂ්පාදනය කර තිබේ.

විග්නේශ්වරන් දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් කරයි
ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින උතුරේ ජනතාවට හැකි පමණින් ආධාර උපකාර කරණ මෙන් උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා දකුණේ සිංහල දෙමළ ජනතාවගෙන් හා විදේශ රටවල සිටින දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් කොට තිබේ.
මේ ආධාර ලබා දීම සදහා කොළඹ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවත් එම මධ්‍යස්ථානයට අවශ්‍ය ආධාර සපයා දෙන ලෙසත් සී.වී.විග්නේස්වරන් මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක් වේ.

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමක් - අයෙක් මරුට
අද (26) උදෑසන 8 ට පමණ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් තුවාල ලබා ඉන් එක් අයෙක් මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, තුවාලකරුවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් අතරින් එක් අයෙක් මෙලෙස මිය ගොස් තිබේ.

ශ්‍රීලනිප සම සංවිධාක ධූර අහෝසි කරයි !
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම සංවිධායක ධුර අහෝසි කර ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධුර ඇති කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ අනුව ආසනයට එක් සංවිධායකවරයෙකු හා දිස්ත්‍රික්කයට එක් සංවිධායකවරයෙකු වශයෙන් පත් කිරීමට නියමි බවද පැවසේ.
දැනට සම සංවිධායක ධුර දරන්නන් සඳහා සංවිධායක තනතුර පිරිනැමීමෙන් පසු සෙසු පිරිසට දිස්ත්‍රික් හෝ ආසන කළමනාකරු තනතුරු ලබාදීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

සයිබර් අපරාධ විමර්ශන මධ්‍යස්ථානයක් මාතරට
පොලිස් සයිබර් අපරාධ විමර්ශන මධ්‍යස්ථානයක් මාතර දිස්ත්‍රික්කයෙහි ස්ථාපනය කර තිබේ.
දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇති බවත් ඊයේ (24) දිනයේ සිට මෙය ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.
දිවයිනේ පළාත් 09 සඳහා ම මෙසේ සයිබර් අපරාධ විමර්ශන මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඉන් උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර යන සිව් කොණේ මුලින්ම ඒවා පිහිටුවීමට නියමිතය. ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක කෙරුණේ ඉන් පළමුවැන්නයි.

නත්තල වෙනුවෙන් අද සිරකරුවන් නිදහස් නොවේ
ඉකුත් කාලසීමාවේ මෙරට පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙවර නත්තල් දා සිරකරුවන් නිදහස් කිරීමට නොහැකි වී තිබෙනවා.
නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මීට මාස 02කට පමණ පෙර අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට දැනුම් දීමක් කර ඇති බවයි අනාවරණ වුණේ.

අයහපත් කාලගුණයෙන් උතුරේ 45,000ක් විපතේ
උතුරු පළාතේ දිස්ති‍්‍රක්ක පහට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (23 දා) වන විට පවුල් 13646 කට අයත් පුද්ගලයෝ 44959 ක් පීඩාවට පත්වී සිටිති.
පීඩාවට පත්වූවන් අතර මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පවුල් 379 කට අයත් පුද්ගලයන් 12651 ක්‌ද, කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ පවුල් 9475 කට අයත් පුද්ගලයන් 31234 ක්‌ද, මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ පවුල් 27 කට අයත් පුද්ගලයන් 85 ක්‌ද, වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ පවුල් 77 කට අයත් පුද්ගලයන් 281 ක්‌ද, යාපනය දිස්‌ත්‍රික්‌කයේ පවුල් 273 කට අයත් පුද්ගලයන් 708 ක්‌ද සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.

රෝසි සේනානායකට දකුණු කොරියාවේ පුරවැසිභාවය
කොළඹ මහ නරග සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක හට දකුණු කොරියාවේ සෝල් අගනුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිව තිබෙනවා. කොරියානු පුවත් පතක් පැවසුවේ දීර්ග කාලයක පටන් දෙරට අතර තිබෙන සමීප හිතමිතුරු සබඳතා පදනම් කර ගනිමින් මෙම පුරවැසිභායට ප‍්‍රදානය කර ඇති බවයි. නගරාධිපතිනී රෝසි සේනානායක හට මෙම පුරවැසිභාවය ප‍්‍රදානය කළේ සෝල් නගරාධිපති පාක් වොන් සූන් විසින්.
එජාපය මැතිවරණයකට යන්න බයයි
මහජනතාව තමන් සමඟ සිටින බවට මාධ්‍ය හමුවලදී පම්පොරි ගැසුවද එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණයකට ඉදිරිපත්වීමට බියක් දක්වනවා යැයි මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු දිලුම් අමුණුගම මහතා පැවැසීය.
ඉක්මනින් මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්නේනම් එය සම්මත කර ගැනීම සඳහා විපක්‍ෂයේ පූර්ණ සහය ලබාදෙන බවද ඔහු කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

කුඩ්ඩාගේ ගෙදරට පොලිස් ආරක්ෂාව දුන් DIG සුං !
කුඩු වෙළෙඳාමේ නියුතු අපරාධ චෝදනා ලත් තැනැත්තකුගේ නිවෙසට 10 දෙදෙනකුගෙන් යුත් පොලිස් භට පිරිසකගේ ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් ඊට අදාළ නියෝග නිකුත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය තීන්දු කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයට ලැබුණ පැමිණි අනුව ගල්කිස්ස ප්‍රදේශයේ කුඩු ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලත් තැනැත්තෙකුගේ නිවසට මෙබඳු පොලිස් ආරක්ෂාවක් යොදා තිබූ බව පැවසේ.