gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගම්පහ රෝහලෙන් ජනපතිට ලියුමක්

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා එම රෝහලෙහි වෛද්‍ය, හෙද ඇතුළු සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කාර්ය මණ්ඩලයෙහි 900 කට අධික පිරිසකගේ අත්සනින් යුත් ලිපියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කොට ඇත.

දිවයිනෙහි වැඩිම ජනතාවක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රධාන නගරය වන ගම්පහ පිහිටා ඇති බස්නාහිර පළාත් සභාවට අයත් මෙම රෝහලෙහි පහසුකම් හා සේවා අතින් අවම මට්ටමක පවතින බැවින් මධ්‍යම රජයට පවරා ගෙන රෝහල දියුණු මට්ටමකට පත් කර දෙන ලෙස ඉල්ලා සිටිමින් මෙලෙස ලිපියක් ඉදිරිපත් කොට තිබේ.
ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, කථානායකවරුන් බිහිවූ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මෙම රෝහල ප්‍රධාන රෝහල් අතර සුවිශේෂී වන බවත් දිවයිනෙහි වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඇතුළුවන ප්‍රධාන රෝහල් දහය අතුරින් එකක් වන බැවින් මධ්‍යම රජයට පවරා ගනිමින් අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස එම ලිපිය මගින් ඉල්ලා ඇත.

මෙම රෝහලෙහි වසර පහක පමණ කාලයක සිට ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නොමැති වීම මත රෝහලේ පරිපාලන කටයුතු දැඩි ලෙස බිද වැටී ඇති බවත් රෝහලෙහි සී ටී ස්කෑන් පරීක්ෂණ , එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණ, හෝමෝන පරීක්ෂණ ආදිය සිදු නොකරන අතර ශල්‍යාගාර හා රසායනාගාර පහසුකම් ආදිය අවම මට්ටමක පවතින බවත් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට ඇති ලිපියෙන් පෙන්වා දී තිබේ.

ගම්පහ දිස්ත්‍රික් මහරෝහල අද පවතින තත්ත්වය මත රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටින බැවින් දිවයිනෙහි ප්‍රධාන නගරයන්හි රෝහල් පවත්වා ගෙන යන අන්දමට මධ්‍යම රජය යටතට පත් කොට මහ රෝහලක් ලෙස පවත්වා ගෙන යාම පිණිස කටයුතු සලසා දෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka