gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නවසීලන්ත ක්‍රිකට් පොතේ සටහනක් තබමින් ශ්‍රී ලංකාව පරාජය වැළඳ ගත් හැටි

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් වාර්තාගත දැවැන්ත ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, ක‍්‍රයිස්චර්ච්හිදී පැවති තරගය ලකුණු 423 කින් ජය ගනිමින්.

ජාත්‍යන්තර ටෙස්ට් කි‍්‍රකට් පිටියේ කණ්ඩායමකට එරෙහිව නවසීලන්ත කණ්ඩායම ජයග‍්‍රහණය ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වනවා. මෙම තරගයේ ලකුණු 660 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමට දෙවනි ඉනිමේදී සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 236 ක් පමණයි.
නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 178 ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 104 ක් පමණයි.

නවසීලන්ත කණ්ඩායම කඩුළු 4 කට ලකුණු 585 ක් රැස් කර සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවනු ලැබුවා.

තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ නවසීලන්ත කණ්ඩායමේ ටිම් සවුතියි. මෙම ජයග‍්‍රහණයත් සමග තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගැනීමටද නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka