රථ වාහන පොලිස් නිළධාරීන් පිරිසක් සිය රාජකාරි කටයුතු සිදුකරමින් සිටින අතරතුර රියදුරෙකුගෙන් අල්ලස් ගන්නා අවස්තාවක් දැක්වෙන වීඩියෝවක් අප මීට පෙර වාර්තා කළා. පසුගිය 26 වෙනිදා පරණ පාර්ලිමේන්තුව අසලදී පොලිස් හදිසි ඇමතුම් අංශයට අනියුක්තව සේවය කරන පොලිස් නිළධාරීන් දෙදෙනෙකු එලෙස අල්ලස් ගෙන තිබූ අතර එම සිදුවීම යම් පුද්ගලයෙකු වීඩියෝගත කර සමාජ ජාල මාධ්‍යයන් වෙත මුදාහැර තිබුනා.
ඒ අනුව පොලිසිය විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් කළ විමර්ශන අනුව අල්ලස් ලබාගත් පොලිස් සැරයන්වරයකුගේ සහ කොස්තාපල්වරයෙක් ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි සේවය අත්හිටුවා තිබෙනවා.
එසේම අදාළ නිළධාරීන් දෙදෙනාට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්නා බවත්, ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසටත් පොලිස්පති පුජිත ජයසුන්දර නියෝග කර තිබෙනවා.
වැරැද්ද යට ගහන්න අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාට පොලිස්පති නියමයෙන් වැඩ වරදී - (video)
2018-12-29T16:13:00+05:30
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|