gossip lanka

“සේනා” කොඩිවිනයක්වී වී වගාවත් වනසයි !

සීඝ්‍රයෙන් බෝවන ආක්රමණශීලී ‘ආගන්තුක සේනා’ දළඹුවා නිසා මහකන්නයේ වී වගාව අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.

ස්පොඩොප්ටෙරා ෆ්රැජිපර්ඩා (Spodoptera frugipeda) හෙවත් ෆෝල් ආමි වෝම් (fall army worm) නමින් හඳුන්වන සේනා දළඹුවා මෙතෙක් බඩ ඉරිඟුවලට වැඩි වශයෙන් හානි සිදුකරන බවට වාර්තා වුවත් පසුගිය සතියේදී ප්‍රථම වතාවට පොළොන්නරුව සිංහපුර ප්‍රදේශයෙන් මහකන්නයේ වගාකළ ගොයමට හානි සිදු කර තිබියදී සොයාගැනීමට හැකිවූ බව පොළොන්නරුව දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක ආර්.පී උපාලි මහතා තහවුරුකර තිබේ.
දැනට භාවිතා කරනු ලබන කෘමිනාශක වර්ග කිසිවෙකට මේ සේනා දළඹුවා මර්දනය කිරීමට නොහැකි වී ඇති හෙයින් අලුතින්ම ව්‍යාපෘති පෙන්නුම් කරන වී වගාව සේනා දළඹු හානියෙන් බේරා ගැනීම විශාල අභියෝගයක් වන බවද ඒ මහතා කීය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අන්දමට සේනා දළඹු හානිය මෙරට වී වගාවේ ව්‍යාප්ත වීම ප්‍රථමයෙන් වාර්තා වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනි.

අම්පාර දිස්ත්‍රික්කයෙ බඩඉරිඟු වගාවේ සිට මෙම ආක්‍රමණශීලී ආගන්තුක සේනා දළඹුවා හමුවී ඇති අතර මේ වනවිට බෝග සියයකට පමණ මේ දළඹුවා හානි කරන බවට හඳුනාගෙන තිබේ.

මෙම දළඹුවා සළඹයකු බවට පත්වීමෙන් පසුව දිනකට කිලෝමීටර් සියයක් පමණ පියාඹා යෑමේ හැකියාවට අමතරව සීඝ්‍රයෙන් බෝවීමේ හැකියාවද නිසා මේ වන විට හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, මාතලේ ආදී ප්‍රදේශවලද ව්‍යාප්ත වෙමින් යන බව වාර්තා වේ.

සේනා දළඹු විශේෂය ගැන හැදින්වීමක් (වීඩියෝ)
gossip lanka