gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත මුදා හැරීමට අද(28) අධිකරණය නියෝග කළේය.

ඒ ඔවුන්ගේ නිතිඥයින් මෝසමක් මඟින් ඉදිරිපත් කළ ඇප ඉල්ලිම පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදියි.
ඉකුත්  16 වැනිදා ගොඩකවෙල නගරයේදී පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධීයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සිව්දෙනෙකු  පසුගිය 20 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව ඔවුන්ව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදි එළැඹෙන ජනවාරි මස පළමුවනදා දක්වා සැකකාර මන්ත්‍රීවරයා ඇතුළු සිව්දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.

කෙසේ වෙතත් අද නීතිඥයින් විසින් මෝසමක් මගින් ඇප ඉල්ලිමක් ඉදිරිපත් කළ අතර එය සලකා බැලු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණි පෙරේරා මහත්මිය විසින් රුපියල් ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට නියෝග කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේය.

එමෙන්ම අදාළ නඩුව යළි ජනවාරි 1 වැනිදා කැඳවිමට ද අධිකරණය තීන්දු කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka