gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදේශ ආයෝජන ඩොලර් මිලියන 640 ක්‌ ඉවත් කරගෙන

පසුගිය ඔක්‌තෝබර් මාසයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 172 ක ආයෝජන ශුද්ධ වශයෙන් පිටතට ගලාගෙන ගොස්‌ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ඒ සමඟ මේ වසරේ (2018) මුල් මාස දහයේදී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් පිටතට ගලාගෙන ගොස්‌ ඇති මුළු ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 640 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.
කොළඹ කොටස්‌ වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශ ආයෝජන සැලකිය යුතු ලෙස ඉවත් කර ගැනීමත් සමඟ මෙසේ ඔක්‌තෝබර් මාසය තුළදී මූල්‍ය ගිණුම වෙතින් විදේශ ආයෝජන ඉවත් කර ගැනීමේ ප්‍රවණතාව තවදුරටත් පැවති බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් ය.

(දිවයින)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka