gossip lanka

සංචාරක මඟ පෙන්වන්නා දියලුමෙන් වැටෙයි

විදේශීය සංචාරකයින් දෙදෙනකු රැගෙන කොස්ලන්ද දියලූම ඇල්ල නැරඹීම සදහා ගිය සංචාරක මඟ පෙන්වන්නෙකු ඊයේ (23 දා) දියලූම උඩ දියලූම ඇල්ලෙන් පහළට වැටී මිය ගොස් ඇතැයි කොස්ලන්ද පොලිසිය පවසයි.

ගයාන් වීරසිංහ නමැති ඇල්ල, පස්සර පාර, කැටගලපතන පදිංචි විසිනව හැවිරිදි සංචාරක මග පෙන්වන්නකු මෙසේ මිය ගොස් ඇත.
ඇල්ල නගරයට පැමිණි සංචාරකයින් දෙදෙනකු රැගෙන මෙම සංචාරක මග පෙන්වන්නා දියලූම උඩ දියලූම ඇල්ලට පැමිණ එම දියඇල්ල මෙම සංචාරකයින් දෙදෙනාට පෙන්වමින් සිටියදී මෙසේ ඇල්ලෙන් පහළට වැටී මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර පිළිබදව මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. බණ්ඩාරවෙල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් දයාසිරි මහතාගේ අධීක්ෂණය යටතේ කොස්ලන්ද පොලිසියේ නිලධාරීහු පිරිසක් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
gossip lanka