gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2017 ට වඩා 2018 බේබදු රියදුරෝ වැඩි වෙලා !

වසරේ ගත වූ කාලය තුළ බීමත් රියැදුරන් 90,000 ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියා සිටී.

එය ගිය වසරට සාපේක්ෂව 15,000 ක වැඩිවීමක් බව පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

දෛනිකව බීමත් රියැදුරන් 400 – 450 අතර පිරිසක් අත්අඩංගුවට ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.
කොළඹ නගරයෙන් පමණක් දෛනිකව බීමත් රියැදුරන් 50 දෙනෙකු පමණ අත්අඩංගුවට පත්වන බව හපුගොඩ මහතා කියා සිටියේය.

මේ අතර උත්සව සමයේ බීමත්ව රිය ‍ධාවනය ඇතුළු මාර්ග නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, එය ලබන 15 වන දා දක්වා ක්‍රියාත්මක බවත් ඔහු කීය.

උත්සව සමයේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1000 ක් යොදවා ඇතැයි ද ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka