gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිළිකා ඖෂධ වහාම ගුවනින් ගෙන්වයි !

මහරගම අපේක්ෂා රෝහලට අවශ්‍ය පිළිකා ඖෂධ සියල්ල අද (24දා) වනවිට රෝහලට ලැබීමට සලස්වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඖෂධ හිඟය මගහැරවීමට හිඟ පිළිකා ඖෂධ ගුවන් මගින් මෙරටට ගෙන්වීමටත් තීරණය කර තිබේ.
රෝහල්වල පවතින ඖෂධ හිඟයපිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.

මහරග මඅපේකෂා රෝහලේ නේවාසිකව සහ බාහිරව ප්‍රතිකාර ලබන රෝගින් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 05ක හිඟයක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

ඖෂධ හිඟය හේතුවෙන් අපේක්ෂා රෝහලට රෝගින් ඇතුළත් කරගැනීම පසුගිය 21 වැනිදා තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka