gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇම්පියර් 5-15 විදුලි කෙවෙනි අද සිට තහනම්

මෙරට භාවිත කරන ඇම්පියර් 5 සහ 15න් යුතු විදුලි පේනුසහ විදුලි කෙවෙනි විකිණීම, ප්‍රදර්ශනය සහ ගබඩා කොට තබා ගැනීම අද (31දා) සිට තහනම් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ විදුලි පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිලන්ත සපුමානගේ පැවැසීය. ඒ අනුව මෙරට ජාතික ප්‍රමිතිය ලෙස ඇම්පියර් 13 ට් වර්ගයේ හතරැස් කොටු විදුලි පේනු සහ කෙවෙනි පමණක් විකිණීම සිදු කළ යුතු බවද ඔහු පැවැසුවේය.
විදුලි අනතුරු අවම කර ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇරැඹූ වැඩපිළිවෙළේ දිගුවක් ලෙස මේ කටයුත්ත අද (31දා) සිට ක්‍රියාත්මක වන බවත් ඔහු පැවැසුවේය.

මේ වන විට වසරකට ලංකාවේ විදුලි අනතුරු හේතුවෙන් ජීවිත 75-100ත් අතර ප්‍රමාණයක් අහිමි වන බවත් සිදු කළ සමීක්ෂණවලින් ඊට හේතුවන ප්‍රධාන සාධක 13ක් හඳුනාගෙන ඒ අතරින්ද 80%ක්ම මරණ සිදුවීමට අදාළ හේතුන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මින් වැළැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වැඩපිළිවෙළ දියත් කළ බවද හෙතෙම පැවැසීය.

මහජන උපදෙස් සම්මන්ත්‍රණ, සමීක්ෂණ ඇතුළු දිගු ක්‍රියාදාමයකින් පසුව කැබිනට් අනුමැතිය සහිතව ඇම්පියර් 13ට අදාළ පේනු සහ කෙවෙනි භාවිතය නීතිගත කිරීමට අදාළ වැඩකටයුතු සිදු වූ බවද ලංකාවේ ඒකල ජාතික ප්‍රමිතිය ලෙස හතරැස් කොටු සහිත ඇම්පියර් 13 ට් වර්ගයේ පේනු සහ කෙවෙනි ප්‍රමිති ආයතනය මඟින් නම් කළ බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එසේ නම් කිරීමෙන් අනතුරුව මෙරටට විවිධ වර්ගයේ පේනු සහ කෙවෙනි පිටරටින් ගෙන්වීම තහනම් කිරීමට අදාළ ගැසට් පත්‍රය 2017/08/16 නිකුත් කළ බවද ඉන් අනතුරුව මෙරට ඒකල ප්‍රමිතියට අදාළ පේනු සහ කෙවෙනි පමණක් ගෙන්වීමට හැකිවන පරිදි වැඩ කටයුතු සිදු වූ බවද ඔහු පැවැසුවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka