gossip lanka

පිස්තෝල පෙන්නා තර්ජනය කළ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

ගිනිඅවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටාන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (29) අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකාර මන්ත්‍රී දිනේශ් ද සිල්වා ජාඇල පිහිටි ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුට අමතරව තවත් දෙදෙනෙක් සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් බවත් ඔවුන් සන්තකයේ තිබී පිස්තෝලයක් ද හමුවූ බවත් පොලිසිය පවසයි.
මන්ත්‍රීවරයා ඇතුළු පිරිස පසුගිය 16 වනදා ජාඇල, මාඑළිය ප්‍රදේශයේ හෝටලයකට කඩා වැදී එහි හිමිකරුට පිස්තෝලයක් පෙන්නා තර්ජනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වැඩිදුර විමර්ශන ජාඇල පොලිසිය විසින් සිදු කරනු ලැබේ.
gossip lanka