gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"දේශපාලනයෙන් ඉවත් වී දේශපාලන දිවියට විශ්‍රාම දෙනවා" - ටී.තවරාසා

තමන් සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් වී දේශපාලන දිවියට විශ්‍රාම ලබා දෙන බව උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක ටී.තවරාසා මහතා දැණුම් දී තිබේ.

මෙම දැනුම් දීම තමන්ගේ නිල නිවේදනය බවද ඔහු යාපනයේදී මාධ්‍යවේදීන්ට පවසා තිබේ.
සියළු දේශපාලන කටයුතු වලින් විශ්‍රාම ගන්නා තමන් කුමන මැතිවරණයක් සදහාවත් තරග නොකරණ අතර කවරෙකුටවත් දේශපාලනමය අව්ශයෙන් සහය ලබා නොදෙන බවද පවසා තිබේ.

සියළු දෙනාම වත්මන් දේශපාලනයේ නිරත වන්නේ ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් අරමුණු හා වෙනත් වාසි ලබාගැනීම සදහා බව කියා සිටින හිටපු විපක්ෂනායකවරයා තමන් න් ඊට කිසි සේත්ම කැමැත්තක් නොදක්වන බවද කියා සිටියි.

තවදුරටත් මෙවැනි දේශපාලන වාතාවරණයක් මැද තමන්  දේශපාලන කටයුතු වල නිරත වුවහොත් ඉන් ඔහුට විශාල අපකීර්තියක් ඇතිවිය හැකි බවද ඔහු පවසා සිටියි.

සියළු දේශපාලන කටයුතු වලින් ඉවත්වන ඔහු කුමන හෝ ආයතනයක් සමග එක්වී උපදේශන සේවාවන් ආරම්භ කිරීමට සිතා සිටින බවද ටී.තවරාසා මහතා වැඩිදුරටත් කියා සිටියි.

(දිනසේන රතුගමගේ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka