gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ පාර නත්තලේ වැනෙන්න බෑ

දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකදී විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 4035 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් නිලධාරින් 17,728 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඊයේ(23) රාත්‍රී 10.00 සිට මේ දක්වා දක්වා කාලය තුළ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වූ බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
එහිදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 1122ක්, වරෙන්තුකරුවන් 885ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට අමතරව රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු 5550ක් ලබාගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

හෙට විශේෂ මෙහෙයුමක්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට(25) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසයි.

කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත ප්‍රදේශවල මෙය ක්‍රියාත්මක කරන බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඒ අනුව එම ප්‍රදේශවල පොලිස් මුර සංචාර, සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරින් ද ඒ සඳහා යොදවා ඇති බව වාර්තා වෙයි.

උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 2000ක් යෙදවිමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබුණි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka