gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගංවතුරෙන් පසු උතුර තවත් දැඩි අවදානමක

උතුරු පලාතේ ගංවතුර බැස ගියද ආරක්ෂිත කඳවුරු වල සිටින ජනතාවට නැවත තමන්ගේ නිවෙස් වෙතට යාමේදී සනීපාරක්ෂක ගැටලු රැසක් මතුවන හෙයින් විපතට පත් වැසියන්ගේ සනීපාරක්ෂක ගැටලු විසඳීමට රජය ආරක්ෂක අංශ වලද සහය ඇතිව විශේෂ වැඩසටහනක් ආරම්භ කොට ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා කියා සිටියේය.
උතුරු ආණ්ඩුකාර වරයා මේ බව කියා සිටියේ උතුරේ වැඩිම පිරිසක් විපතට පත් වූ කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි විපතට පත් වැසියන් නැවතී සිටින සුභසාධන මධ්‍යස්ථාන වෙතට ගොස් එම වැසියන්ට අධාර ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මේ වන විටත් උතුරේ ගංවතුර තත්වය තරමක් දුරට පහව යමින් පවතින හෙයින් ඇතම් ආරක්ෂිත කඳවුරුතුල සිටින වැසියන් සමහරෙක් නැවත නිවෙස් වෙතට යාම ආරම්භ කොට ඇතත් එසේ නිවෙස් වලට යාමේදී නිවෙස් හා අවට පරිසරය පිරිසුදු නොවීමත් වැසිකිලි ,කැසිකිලි, පානීය ළිං පිරිසිදු නොවීමත් හේතුවෙන් විවිධ රෝගකාරකයන්ට ගොදුරු වීමේ අවධානමක් පවතින බැවින් එම ජනතානවගේ සනීපාරක්ෂක කටයුතු විසඳිම සඳහා මේ වන විටත් රාජ්‍ය නිලධාරීන් විසින් ආරක්ෂක අංශවලද සහය ගෙන වැඩසටහනක් ආරම්භ කොට ඇති බවට උතුරු ආණ්ඩුකාර වරයා කියා සිටියේය.

කිලිනොච්චිහි පිහිටි සුභසාධන කඳවුරු වූ මුරුකණ්ඩි , කිලිනොච්චි මධ්‍යම මහා විදුහලේ , පූනකරී, කණ්ඩාවලෙයි, මන්නන්කඩ්ඩි, සහ මුලතිව් දිස්ත්‍රීක්කයේ  පුලුදුකුඩිඉරිප්පු , සුදන්දිරපුරම් යන ප්‍රදේශයන්හි පිහිටි සුභසාධන කඳවුරු වෙත ‍ගොස් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට උතුරු ආණ්ඩුකාරතුමන් විසින් පියවර ගනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka