gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විග්නේශ්වරන් දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් කරයි

ගංවතුර හේතුවෙන් විපතට පත්ව සිටින උතුරේ ජනතාවට හැකි පමණින් ආධාර උපකාර කරණ මෙන් උතුරු පළාත් සභාවේ හිටපු  ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා දකුණේ සිංහල දෙමළ ජනතාවගෙන් හා විදේශ රටවල සිටින දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලීමක් කොට තිබේ.

මේ ආධාර ලබා දීම සදහා කොළඹ විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බවත් එම මධ්‍යස්ථානයට අවශ්‍ය ආධාර සපයා දෙන ලෙසත් සී.වී.විග්නේස්වරන් මහතා විසින් නිකුත් කළ නිවේදනයක දැක් වේ.
මේ දිනවල නත්තල සදහා වැය කරණු ලබන විශාල මුදලෙන් කොටසක් හෝ ගංවතුර අනාථයින් වෙණුවෙන් ලබා දෙන ලෙස තමන් දකුණේ සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහුගේ නිවේදනයේ සදහන් කොට ඇති අතර මේ අවස්ථාවේදී දේශපාලන භේද හෝ වෙනත් භේද නොසලකා විපතට පත් ජනතාවට සහන සලසන ලෙස ඉල්ලීමක් කොට තිබේ.

(දිනසේන රතුගමගේ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka