gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුරුවරුන්ටමයි කැපිලි - ඇගයීම් ගාස්තුත් කපයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පළ කරන බවත් වහාම එය සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසත් සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.

පසුගිය 2017 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය උත්තර පත්‍ර ඇගයීම් සඳහා එක් පත්‍රයකට රුපියල් 140ක් ගෙවූ අතර එය මෙවර රුපියල් 120 දක්වා අඩු කර ඇති බවත් එමෙන්ම එක් උත්තර පත්‍රයක් පරීක්ෂා කිරීම සඳහා ගෙවන ලද රුපියල් 38ක ගාස්තුවද රුපියල් 29 දක්වා පහත දැමීමට කටයුතු කර ඇති බවත් ජයසිංහ චෝදනා කරයි.
මේ වන විට ඇති ජීවන වියදම හමුවේ විභාග රාජකාරි සහ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගෙවන දීමනා කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් වහාම එම ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන ලෙස තම සංගමය බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටි බවත් ඔහු සඳහන් කරයි.

එසේ තිබියදී 2017 වසරේදී ගෙවන ලද ගාස්තුද මේ ආකාරයට කප්පාදු කිරීමට කිසිසේත් එකඟ විය නොහැකි සහ අනුමත කළ නොහැකි අතර එම ගාස්තු පෙර තත්ත්වයට පත් නොකරන්නේ නම් ඉදිරි ඇගයීම් කටයුතු තවදුරටත් පවත්වාගෙන යන්නේද පිළිබඳව තීරණයක් ගැනීමට සිදුවන බව හෙතෙම අවධාරණය කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka