මැද පෙරදිග රටවල් සඳහා පමණක් නිකුත් කළ වලංගු ගමන් බලපත්‍රය දෙසැම්බර් 31 වැනිදා සිට නතර කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට සියලුම රටවල් සඳහා වලංගු වන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කිරීමට නියමිතය.
ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්‌තානය, මාලදිවයින, ඉරානය, ඉරාකය, ලෙබනනය, සිරියාව, ජෝර්දානය, සෞදි ආරාබියාව, එක්‌සත් අරාබි රාජ්‍යය, ඕමානය, සුල්ටනේට් රාජ්‍යය, කුවේට්, කටාර්, බහරේන් සහ යේමනය යන රටවල් සඳහා පමණක් මැදපෙරදිග වලංගු ගමන් බලපත්‍රය වශයෙන් නිකුත් කර තිබිණි.
මැද පෙරදිග පාස්පෝට් පමණක් නිකුත් නොකරයි
2018-12-28T08:32:00+05:30
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|