gossip lanka

ලංගමට හයිබ්‍රිඩ් බස්

ලංකා ගමනා ගමන මණ්ඩලයට නවීන තාක්ෂණයෙන් යුතු හයිබ්‍රිඩ් වර්ගයේ බස් රථ මේ වසර අවසන් වීමට පෙර ධාවනය ට එක් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අසෝක් අබේසිංහ මහතා පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යංශයේ දී සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේ දීය. මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා, නව රජය යටතේ කඩිනම් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න සැලසුම් සකස් කර තිබෙනවා. එම සැලැස්ම 2019 වසරේ දින 300 කඩිනම් සංවර්ධන සංග්‍රාමය ලෙස හඳුන්වනවා. ලබන ජනවාරි 8වැනි දාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයන් හට නව සැලැස්ම ඉදිරිපත් කරනවා. මෙයින් ඉතා විශාල සංවර්ධනයක් ඇතිවෙයි කියා බලාපොරොත්තු වෙනවා.
කුරූණෑගල දිස්ත්‍රික්කයට ඉතා විශාල සංවර්ධනයක් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි වසරේ මේ රට ඉතා විශාල වශයෙන් සංවර්ධනය සංග්‍රාමයක් බවට පත්වනු නොඅනුමානයි.

ඉදිරි වසර එක හමාරට සිය අමාත්‍යංශයේ කරගෙන ආ වැඩපිළිවෙළ කිසිදු වෙනසක් නොකර කරගෙන යනවා. එකට සිටි ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතාගේ කාලේ අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන අටටම විශාල සේවයක් කළත් රටේ ජනතාව තාම දැණුවත්වී නැහැ. මේ රජය බාරගන්නා අවස්ථාවේ ලංකා ගමනාගමන මණ්ඩලය කෝටි 2555ක පමණ ණය ප්‍රමාණයක් තිබුණා. ඩිපෝ 106 න් 79ක පමණ පඩි ගෙවාගන්න බැරි ත්ත්තවයක් තිබුණා. එවකට හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා, ලංගම සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ කෝටි දෙදහස් පන්සිය පනස්පහක ණය මුදල්, පාරිතෝෂිත අරමුදල් , අර්ථසාධක අරමුදල් ගෙවා දමන්න හැකි වුණා. ඒ අනුව පසුගිය වසර වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලයට කෝටි එකසිය හැටඑකක ලාභයක් උපයා තිබෙනවා. මේ වසරේ ලංකා ගමන ඉතිහාසයේ වැඩිම පාරිතෝෂිත මුදල වන රුපියල් දහතුන්දාස් පන්සියයක මුදලක් සේවකයන් තිස්දෙදහසකට බෙදාදීමට හැකි වුණා. දුම්රිය දෙපාර්තුමේන්තුව හැරෙන්න අනික් සියලුම ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කිරීමට හැකි වුණා. මේ වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සෑම ඩිපෝවකම ස්ථිර තැන්පතු දමා තිබෙනවා. දුම්රිය දෙපාර්තුමේන්තුවේ ගිය වසරේ කෝටි හත්සියයක පාඩුවක් තිබුණා. පාඩුව අවම කිරීම සඳහා දුම්රිය එංජින් මැදිරි ඇනවුම් කර එහි පළමු තොගය ලැබෙමින් පවතිනවා. බලවේග කට්ල පහළොවක්, එන්ජින් දොළහක් හා මැදිරි 160 දැනට ඇනමුම් කර තිබෙනවා. ඒ තොගය ලැබුණු පසු හොද ප්‍රවාහන සේවයක් ලබා දිය හැකියි.

වසර තිහකට පසු කටුනායක ගුවන්තොටුපළේ ධාවනය පතය නවී කරණය කළා. මේ වසර එක හමාරට ලංකා ගමනා ගමන මණ්ඩලයට නව මුහුණුවරක් ලබා දෙනවා. බස් ජනසතු කළ දා සිට තිබෙන බස් රථ වෙනුවට ලෝකයේ නවීන තාක්ෂණයෙන් යුතු හයිබ්‍රිට් බස්රථ ලංකා ගමනා ගමන මණ්ලඩය ට ගෙන්වනවා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමතිවරයා ලෙස අර්ජන රණතුංග මහතා පත්වී සිටීම සතුටට කරුණක් .එතුමා දක්ෂ ඇමතිවරයෙක්. එතුමාගේ නායකත්වය යටතේ ගුවන් තොටුපළේ ඩොලර් මිලියන දාහතක වියදමින් නව පර්යන්ත ගොඩනැගිල්ල ආරම්භ කර තිබෙනවා. මත්තල ප්‍රශ්නයත් හැකි ඉක්මනින් විසඳීමට කටයුතු කරනවා. ඉදිරියේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් තම අමාත්‍යාංශයට අයිතිවෙන්න ඉඩතිබෙනවා.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග, හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා, ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු, ලංගම සභාපති රමාල් සිරිවර්ධන , මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.
gossip lanka