gossip lanka

එජාපය මැතිවරණයකට යන්න බයයි

මහජනතාව තමන් සමඟ සිටින බවට මාධ්‍ය හමුවලදී පම්පොරි ගැසුවද එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණයකට ඉදිරිපත්වීමට බියක් දක්වනවා යැයි මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු දිලුම් අමුණුගම මහතා පැවැසීය.

ඉක්මනින් මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්නේනම් එය සම්මත කර ගැනීම සඳහා විපක්‍ෂයේ පූර්ණ සහය ලබාදෙන බවද ඔහු කීය.

මන්ත‍්‍රීවරයා මෙසේද සඳහන් කළේය.
"මැතිවරණ එපා කියල නඩු තීන්දුවක් ලැබීමේ ප‍්‍රීතිය නිමිත්තෙන් රතිඤ්ඤා පත්තුකරන එකම දේශපාලන පක්‍ෂය එක්සත් ජාතික පක්‍ෂයයි. යම් හෙයකින් මැතිවරණයක් පැවැත්තුවහොත් තමන්ට ලැබෙන ප‍්‍රථිඵලය කුමක්දැයි කියන්න දන්නා නිසා ඔවුන් එලෙස හැසිරෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂයේ මේ හැසිරීම පිළිබඳව අපිට පුදුමයක් නැහැ. පසුගිය අවුරුදු තුනේදි මහජනතාවට සේවයක් කළානම් මැතිවරණයකට මුහුණ දෙන්න බය වෙන්න දෙයක් නැහැ.
මාධ්‍ය හමුවල පම්පෝරි ගහනව වගේ එන්න මැතිවරණයකට. අපි මැතිවරණයකට ගිහිල්ලා ජනතාවගේ කැමැත්ත කාටදැයි කියල බලාගමු. ඒ නිසා මහා මැතිවරණයක් පවත්වන්න එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනාවොත් එය සම්මත කරගන්න අපි සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා."

"පසුගිය මැයි දිනයදා මහජනතාවගෙන් අපි ගාලූමුවදොර පිටිය පිරෙවුවා. මැතිවරණ කල්යෑමේ ප‍්‍රීතිය සමරන්න එක්සත් ජාතික පක්‍ෂයත් ළඟදි ගාලූමුවදොර පිටියේ රැළියක් පැවැත්තුවා. ඒ රැළියට මහජන සහභාගීත්ව කොහොමදැයි අපි දැක්කා.ඒ වගේම නව රජය විසින් ලබාදුන් ඉන්ධන සහනය ගැන අපි සතුටට පත්වෙනවා.ඉදිරියේදී අත්‍යාවශ්‍ය දේවල්වල මිළ තවත් අඩුවේයැයි විශ්වාස කරනවා."යැයිද ඔහු සඳහන් කළේය.
gossip lanka