gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අමාත්‍යංශ විශය පථ ගැසට් එක ලබන සතියේ එනවා !

නව ඇමැති මණ්ඩලයේ එක් එක් අමාත්‍යාංශවලට අයත් ආයතන හා විෂයය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය මෙම සතියේ නිකුත් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විෂයය පථයන් වෙන් කිරීමේ කටයුතු ජනාධිපති කාර්යාලයේ හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් මේ වනවිට සිදුකරමින් පවතින බවද පැවසේ.
ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ කැබිනට් ඇමැතිවරු 43 දෙනකු යටතේ පැවැති මෙම විෂයයන් මෙවර අමාත්‍යාංශ 30 කට වෙන් කිරීමට සැලැසුම් කර ඇති බවද වාර්තා වේ.

ජනාධිපතිවරයා යටතේ මෙතෙක් පැවැති ආයතන එලෙසම පවතින අතර ඊට අමතරව පොලිස් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හෝ දෙකක් එක්වනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති හා අගමැති හැර සෙසු අමාත්‍යාංශවලින් වැඩිම ආයතන හා විෂයයන් ප්‍රමාණය පී. හැරිසන් හා රිෂාඞ් බදියුදීන් යන ඇමැතිවරුන්ට හිමිවනු ඇතැයි ද වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka