gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරේ විපතට පත් වැසියන් 118,538 දක්වා ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරු ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය නිසා පවුල් 38,209, කට අයත් පුද්ගලයින් 118,538 දෙනෙකු විපතට පත්ව ඇති අතර පූර්ණ නිවාසද 170 ක් විනාශ වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 3,506කට හානි අද (28) වනවිට සිදුව ඇති බවට ජාතික ආපදා කළමනාකරණ ඒකකයේ වාර්තා අනුව පෙන්වා දෙයි.
මේ අනුව විපතට පත් වැසියන්ගෙන් පවුල් 2,827 කට අයත් පුද්ගලයින් 8983 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 27 ක රඳවා සිටින බවටද යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සහ කිළිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයන්හි මරණ දෙකක් වාර්ථා වී ඇති බවට ආපදා කළමනාකරණ ඒකකය විසින් පෙන්වා දෙයි.

මේ අනුව වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කය වන අතර එහි කරච්චි, කණ්ඩාවලෙයි සහ පච්චිලෙයිපල්ලි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 24,184 කට අයත් පුද්ගලයින් 74,730 දෙනෙකු විපතට පත්ව ඇති අතර එහිදී නිවාස පූර්ණ 84ක් සහ අර්ධ නිවාස 1,207  කට හානි සිදුව ඇත.

මේ අනුව උතුරේ විපතට පත් ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ හා රාජ්‍ය අංශ එක්ව විවිධ වූ වියළි ආහාර ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka