gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රවීගෙන් පොරොන්දුවක්

විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනක් බවට පත්කොට විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ,ඊයේ (28) පෙරවරුවේ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදීය.
මෙම හමුවට විදුලි වෘත්තීය සමිති 58 ක නියෝජිතයන් සහභාගි වූහ.

වෘත්තීය සමිති නියෝජිතයින් බහුතරයක් පෙන්වා දුන්නේ විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් මූල්‍ය විනයකින් තොරව කටයුතු සිදුවන බවයි.

අතිරික්ත සේවක පිරිසක් සිටින නමුත් විදුලි සේවා ලබාදීම පුද්ගලික ආයතන වෙත පවරාදීම තුළින් රජයට විශාල පාඩුවක් සිදුවන බව වෘත්තීය සමිති විසින් පෙන්වාදෙන ලදී.

විදුලි වෘත්තීය සමිති නියෝජනය කල පුද්ගලයින්ට පුද්ගලිකව දඩුවම් ලබාදීම, පසුගිය වකවානුවේදී කටයුතු සිදුකළ බවත්, ඒ වෙනුවෙන් චක්‍රලේඛ නිකුත්කර ඇති බවටත් ඔවුන් විසින් චෝදනා කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, විදුලිබල මණ්ඩලය තුළ පවතින මූල්‍ය හා සේවක විෂමතා මගහැරවීමට ඉදිරියේදී තමා අපේක්ෂා කරන බවත්, එම කටයුතු වලදී විදුලි වෘත්තීය සමිති සිය පෞද්ගලික අරමුණූ පසෙකින් තබා, එම කාර්යයට සහය ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවත්ය.

සියලු ක්‍රියාකාරකම්වල අවසානයේ විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමත්, විදුලිබිල අඩුකර ලංවිම පාරිභෝගිකයාට සහන සලසන ආයතනයක් බවට පත්කිරීමත් ප්‍රධාන අරමුණ වියයුතු බව අමාත්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka