gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප සම සංවිධාක ධූර අහෝසි කරයි !

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සම සංවිධායක ධුර අහෝසි කර ආසන හා දිස්ත්‍රික් සංවිධායක ධුර ඇති කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මේ අනුව ආසනයට එක් සංවිධායකවරයෙකු හා දිස්ත්‍රික්කයට එක් සංවිධායකවරයෙකු වශයෙන් පත් කිරීමට නියමි බවද පැවසේ.

දැනට සම සංවිධායක ධුර දරන්නන් සඳහා සංවිධායක තනතුර පිරිනැමීමෙන් පසු සෙසු පිරිසට දිස්ත්‍රික් හෝ ආසන කළමනාකරු තනතුරු ලබාදීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.
පක්ෂයේ කටයුතු පුළුල් කිරීමට හා පක්ෂයේ වැඩපිළිවෙළ ගම් මට්ටමට ගෙනයෑම සඳහා මෙම කටයුතු සිදු කිරීමට තීරණය කර තිබේ.

මීට අමතරව පෙබරවාරි මාසයේදී පක්‍ෂ සාමාජිකයන් බඳවාගැනීමේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට හා පක්‍ෂ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ දැනට ප්‍රතිසංවිධානය නොවූ තරුණ හා කාන්තා බලමණ්ඩල කඩිනමින් ප්‍රතිසංවිධාන කටයුතු කිරීමටද එම පක්‍ෂය තීරණය කර තිබේ.

කළමනාකරු තනතුරු ලබාදීම යටතේ පක්‍ෂයේ සැලකිය යුතු පිරිසකට තනතුරකට පත්වීමේ අවස්ථාවක්ද ලබාදීමට සැලැසුම් කර ඇති බව පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka