gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සයිබර් අපරාධ විමර්ශන මධ්‍යස්ථානයක් මාතරට

පොලිස් සයිබර් අපරාධ විමර්ශන මධ්‍යස්ථානයක් මාතර දිස්ත්‍රික්කයෙහි ස්ථාපනය කර තිබේ.

දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට අනුයුක්තව මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇති බවත් ඊයේ (24) දිනයේ සිට මෙය ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ.

දිවයිනේ පළාත් 09 සඳහා ම මෙසේ සයිබර් අපරාධ විමර්ශන මධ්‍යස්ථාන පිහිටුවීමට සැලසුම් කර ඇති අතර ඉන් උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර යන සිව් කොණේ මුලින්ම ඒවා පිහිටුවීමට නියමිතය. ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක කෙරුණේ ඉන් පළමුවැන්නයි.
ඒ අනුව ඉදිරියේදී සෑම පළාතකම පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සමාජ මාධ්‍ය ජාල තුළ සිදුවන අකටයුතුකම් ඇතුළු අන්තර්ජාලය භාවිතයෙන් සිදු කෙරෙණ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට වින්දිතයින්ට හැකියාව ලැබෙනු ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka