gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නත්තල වෙනුවෙන් අද සිරකරුවන් නිදහස් නොවේ

ඉකුත් කාලසීමාවේ මෙරට පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් මෙවර නත්තල් දා සිරකරුවන් නිදහස් කිරීමට නොහැකි වී තිබෙනවා.

නත්තල් දිනය වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මීට මාස 02කට පමණ පෙර අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශයට දැනුම් දීමක් කර ඇති බවයි අනාවරණ වුණේ.
ඒ අනුව එම අමාත්‍යංශය මගින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුව තිබුණා. එහෙත් ඉකුත් කාල සීමාව තුළ පැවති අර්බුද හේතුවෙන් අදාළ නිර්දේශයන් අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය මගින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර නොමැති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් අදට (25) යෙදී ඇති නත්තල් දිනයේ දී සිරකරුවන් නිදහස් කිරීමක් සිදු වන්නේ නැහැ. අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ ලබන සතියේ වැඩභාර ගැනීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා වෙත අදාළ නිර්දේශ යොමු කරනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඉන් අනතුරුව අදාළ සිරකරුවන් නිදහස් කිරීම සිදු කෙරෙනු ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka