gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

2019 වසරේ සිට රත්තරන් මිල වෙනස් වෙන්න මෙහෙමයි

2018 වසරේදී රන් මිල කැපී පෙනෙන ලෙස පහත වැටුණද, ලබන වසරේදී නැවතත් ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව වෙළඳපොල විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

ආයෝජකයන් ඇතුලූ වෙළඳපොල පාර්ශවකරුවන් අතර පැවැත්වූ සමීක්ෂණයකට අනුව ඊට සහභාගිවූවන් අතුරෙන් බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේදී රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1500 ඉක්මවනු ඇති බවයි.
රන් අවුන්සයක මිල දැන් සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1282 යි ශත 83 ක් ලෙසයි.

ලෝක වෙළඳපොලේ රන් මිල මේ වසරේදී සියයට 2කින් පහත වැටුණා. එහෙත් දෙසැම්බර් මාසය සැළකූ විට රන් මිල සියයට 4.5 කින් ඉහළ ගොස් ඇති අතර, එය 2017 වසරේ ජනවාරි මාසයෙන් පසු වාර්තාවූ ඉහළම මාසික වර්ධනයයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka