gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදෙස් තරුණියකගේ හිරිඔතප් බිඳින්න ගියැයි දෙදෙනෙක් අල්ලයි !

බ්‍රිතාන්‍යය ජාතික තරුණියකට හිරිඔතප් බිඳීමට තැත් කළේ පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු අද (26) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.

නත්තල් සමය ගත කිරීමට මෙම 28 හැවිරිදි බ්‍රිතාන්‍යය ජාතික තරුණිය ඇයගේ පෙම්වතා සමග හැටන් කාසල්රි ජලාශය අසල පිහිටි සංචාරක නිකේතනයකට පැමිණ තිබේ.
එම සංචාරක නිකේතනයේ නවාතැන් ගෙන සිටි සැකකරුවන් දෙදෙනා තමා නවාතැන්ගෙන සිට කාමරයට (26) අලුයම 1.45 ට පමණ පැමිණ දොරට තට්ටු කර තමාව කාමරයෙන් ඉවතට ගෙන අනවශ්‍ය ලෙස බලපැම් කරමින් හැසිරුනු බව එම තරුණිය විසින් හැටන් පොලිසියට සිදුකළ පැමිණිල්ලේ සඳහන් වේ.

එම සංචාරක නිකේතනයේදි බ්‍රිතාන්‍යය ජාතික තරුණිය සහ ඇයගේ පෙම්වතා සමග සැකකරුවන් දෙදෙනා සුහදතාවයක් ඇති කරගෙන මත්පැන් සාදයක්ද පවත්වා ඇති බව හැටන් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ජාතික තරුණිය එම සංචාරක නිකේතනයේ පාලන අධිකාරියට දැනුම් දිමෙන් පසු එම පාලන අධිකාරිය විසින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කල පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම සංචාරක නිකේතනයට ගොස් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා හැටන් දික්ඔය ප්‍රදේශයේ පදංචිකරුවන් බවත්, ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් හැටන් පොලිසිය පවසයි.

රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka