gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පසුගිය කාලේ රජයක් ලෙස අපේ අඩුපාඩු තිබුණා - හැරිසන්

පසුගිය දින 52ක කාලය ඇතුළත වැරදි සිදු වූ බව පි. හැරිසන් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමිණි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"පසුගිය දින 52ක කාලය තුළ රට අකර්මන්‍ය වී තිබුණා. ඒකට හේතුව රටේ හැමෝම දන්නවා. සමහරු අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට දොස් පැවරුවත් මම කිසිදිනක එතුමාට දොස් පැවරුවේ නැහැ. මොකද පසුගිය කාලය තුළ රජයක් විදිහට අපේ අඩුපාඩු තිබුණා. දේශපාලන පළිගැනීම්වලට ලක්වෙච්ච අපේ පාක්ෂිකයින්ට සලකන්නට අපිට නොහැකි වුණා. හැමදාම පාරවල්වල උද්ඝෝෂණ, පෙළපාලි තිබුණා. එම නිසා මහජනතාවට විශාල අපහසුතාවලට මුහුණ දෙන්නට සිදු වුණා."

"මෙවැනි තත්ත්වයන් වලින් අප්‍රසාදයට පත් වුණේ එක්සත් ජාතික පක්ෂ රජය. හැමෝම කිව්වේ මේක යූ.එන්.පී. ආණ්ඩුවක් කියලා.අපේ පාක්ෂිකයෝ අපිව විවේචනය කළා. එවැනි අවස්ථාවක තමයි අපේ අග්‍රාමාත්‍යතුමාව ඉවත් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කළේ. නමුත් එම සිදුවීම මම දකින්නේ එක්සත් ජාතික පක්ෂයට වූ හොඳක් විදිහටයි. රජය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් අද මාධ්‍ය තුළ ප්‍රචාරය වන්නේ නැහැ. බොහෝ විට සිදුවන්නේ ප්‍රශ්නම උලුප්පා පෙන්වීමයි. එම නිසා රටේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබාදීම මාධ්‍යවල වගකීමක් ලෙස මම දකිනවා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka