gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිගේ ආරක්‍ෂාවට කොමාන්ඩෝ සෙබළුන් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් යෙදවිය යුතුයැයි යෝජනා කර තිබේ.

ඊට හේතු වන්නේල පොලිසියේ සමහර ඉහළ නිලධාරීන්ගේද සහයෝගය සහිතව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය දියත්ව ඇත්තේ යයි චෝදනා එල්ල වීමත් ඒ සම්බන්දයෙන් පරීක්‍ෂණ පැවැත්වීමත්ය.

ඒ අනුව එවන් වාතාවරණයකට මුහුණ දීමට සදහා ප‍්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් සුවිශේෂීම පුහුණුව ලැබූ කමාන්ඩෝ සෙබලුන් යෙදවීමට යෝජනා වී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එවකට යුද සමයේදීත් ආරක්ෂාව සැපයූයේ කමාන්ඩෝ සෙබළුන්ගෙන් සමන්විත වෙනම ජනාධිපති ආරක්ෂක අංශයකිනි.

හමුදා මූලස්ථානය තුළ පවා මරාගෙන මැරෙන බෝම්බ පුරුරද්දී ජනාධිපතිවරයාට කිසිදු අනතුරක් සිදු නොකර ‍රැක ගැනීමට කමාන්ඩෝ සෙබළුන්ට හැකි විය.

ලෝක නායකයෙක් වන පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එතුමන්ට ආරක්ෂාව සැපයූයේත් කමාන්ඩෝ රෙජිමේන්තුවේ සෙබළුන් සහ එහි නිලධාරීන් විසිනි.

lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka