gossip lanka

දුම්රිය වර්ජනය අත්හිටුවයි

සිය වෘත්තීය ඉල්ලීම්වලට මාසයක්‌ ඇතුළත විසඳුම් ලබාදෙන බවට ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතා ලබාදුන් ලිත පොරොන්දුව මත ඊයේ (26 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අත්හිටවූ බව දුම්රිය රියෑදුරු සංගමයේ සභාපති ඉන්දික දොඩම්ගොඩ මහතා පැවැසීය.

වැටුප් සහ ශේ්‍රණි විෂමතා මුල්කර ගනිමින් දුම්රිය රියෑදුරු නියාමක, ස්‌ථානාධිපති, පාලක සහ අධීක්‍ෂණ කළමනාකාර යන ශේ්‍රණි පහක සේවකයන් වැඩ වර්ජනය කිරීමට තීරණය කර තිබිණි.
වැඩ වර්ජනය පිළිබඳ ප්‍රවාහන ඇමැතිවරයා සමග ඊයේ එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඉහත තීරණයට එළඹි බවද දොඩම්ගොඩ මහතා වැඩිදුරටත් කීවේය.

දිවයින
gossip lanka