කුෂ් ගෙනා ඉරාණ තරුණිය අත්අඩංගුවට
කුෂ් (Kush) නැමැති වඩාත් වැඩි දියුණු කරන ලද ව්දේශීය නිෂ්පාදිත හයිබ්‍රීඩ් ගංජා තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන ජාතික කාන්තාවක් අද (31 දා) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ලංකාවේ අයි.ආර්.සී ලයිස්තුවට කාන්තාවන් 1200ක් - වැඩි පිරිස බස්නාහිර පලාතෙන්
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් හෙවත් අයි.ආර්.සී ලයිස්තුවට කාන්තාවන් 1200ක් ඇතුලත් කර තිබෙනවා.
පොලිස් අපරාධ තොරතුරු කොට්ඨාශය පවසන්නේ මින් වැඩි පිරිස බස්නාහිර පලාතෙන් වාර්තා වන බවයි.
අයි.ආර්.සී ලයිස්තුවට ඇතුළත් පිරිස අතර, වයස අවුරුදු 70ට ආසන්න කාන්තාවන් මෙන්ම පාසල් යන වයසේ පසුවන ගැහැණු ළමයින් ද සිටීම විශේෂත්වයක්.

ඥානසාර හිමිට සමාව දෙනවට නීතිඥවරු පිරිසක් එරෙහි වෙති
ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවේ තිබූ ශ්‍රී ලංකාව පිළිබඳව වටිනාම ලියවිලි රජයේ කිසිම අනුමැතියකින් තොරව විදේශයට ලබා දී ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙළි කළේය.
කේසේ වෙතත් ඒ සඳහා මුලින්ම අතුරුදන්ව ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ එරෙහි වූ අතර දැන් ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ නම් සංවිධානයද එරෙහි වී තිබේ.
කේසේ වෙතත් ඒ සඳහා මුලින්ම අතුරුදන්ව ඇති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ එරෙහි වූ අතර දැන් ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ නම් සංවිධානයද එරෙහි වී තිබේ.
රේගු නිලධාරීන් ආරම්භ කල වැඩ වර්ජනය අඛණ්ඩව
රේගු වෘත්තිය සමිති සන්ධානය ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ලේකම් විපුල මිනුවන්පිටිය මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයට ශ්‍රී ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිබාහිර අයෙකු පත් කිරීමට විරෝධය දැක්වීම සඳහා ඊයේ (30) දිනයේ සිට මෙම වැඩ වර්ජනය සිදු කරන බවයි.
ඔහු පෙන්වා දෙන්නේ රේගු අධ්යක්ෂ ජනරාල් ධූරයට ශ්‍රී ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිබාහිර අයෙකු පත් කිරීමට විරෝධය දැක්වීම සඳහා ඊයේ (30) දිනයේ සිට මෙම වැඩ වර්ජනය සිදු කරන බවයි.
සද්දේ වැඩි කීර්තිගේ පැත්තෙ ලු !
මුළු රටේම වැඩිම ශබ්ද දූෂණය සිදුවන්නේ දකුණු ප්‍රදේශයේ හික්කඩුව සිට වැලිගම දක්වා බව හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
මේ තත්ත්වය වැලැක්වීම සදහා ඉදිරි සතිය තුලදී නගර සභා හා පොලිසිය සමඟ එක්ව විශේෂ වැඩ පිළිවෙලක් දියත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
මේ තත්ත්වය වැලැක්වීම සදහා ඉදිරි සතිය තුලදී නගර සභා හා පොලිසිය සමඟ එක්ව විශේෂ වැඩ පිළිවෙලක් දියත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
"සේනා පිටුපස ඉන්නේ මොන්සැන්ටෝ"
සේනා නම් වු පලිබෝධ වසංගතයට ඔරොත්තු දිය හැකි එකම බීජ ප්‍රභේදය නිපදවන්නේ මොන්සැන්ටෝ සමාගම පමණක් වන නිසා මොන්සැන්ටෝ බීජ සමාගම සේනා වසංගතය පිටුපස ඇති බවට සැක පළ කරන බව සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් තුසිත බාලසූරිය මහතා පවසයි.
ෆේස්බුකියේ රැල්ලට ගිය ආරුක්කු පාලම බලන්න ගිය පිරිසකට බඹර ප්‍රහාර - විස්සකට අසාධ්‍යයයි!
ෆේස්බුක් ඇතුලු සමාජජාලා වෙබ් අඩවි වල පසුගිය දිනවල ජනප්‍රිය වූ සංචාරක නවාතැනක් වූයේ දෙමෝදර ආරුක්කු නවය පාලමයි. ඉන්පසුව ආරුක්කු නවය පාලම නැරඹීමට යෑම රැල්ලක් වූ අතර දෛනිකව සිය ගණනින් පිරිස ආරුක්කු නවය පාලම නැරඹීමට පැමිණියා.
ඇඹිලිපිටියේ සුමිත්ගේ මරණයට සම්බන්ධ සියලු නිලධාරීන් අත්අඩංගුවට ගන්න නියෝග
මීට තුන් වසරකට පෙරදී ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතරතුර ඇති වු ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් තරුණ එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඇති සෙසු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ආර්.ජී.එන්.කේ.රන්කොත්ගේ මහත්මිය ඊයේ (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
පෙබරවාරි 1 දා සිට සීගිරියට පොලිතීන් තහනම්
සීගිරිය දිය අඟල ඇතුලත කලාපය පෙබරවාරි මස 01 වනදා සිට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ.
නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේය.
නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව මාධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේය.
ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී කාන්තාවක් එතැනම මිය යයි
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඇය අසල පිහිටි දුරකථන වෙළඳසැලකට ගොස් යළිත් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඇය අසල පිහිටි දුරකථන වෙළඳසැලකට ගොස් යළිත් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ක්‍රීඩකයින් තේරීමේ කටයුතු සිදුකරන ආකාරය වෙනස් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කරයි
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට කී‍්‍රඩකයින් තේරීමේ කටයුතු සිදුකරන ආකාරය වෙනස් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කණ්ඩායම තේරීමේදී ප්‍රධාන පුහුණුකරු සතුව මෙතෙක් කලක් පැවති බලතල අහෝසි කරනු ඇති.
ඒ අනුව කණ්ඩායම තේරීමේදී ප්‍රධාන පුහුණුකරු සතුව මෙතෙක් කලක් පැවති බලතල අහෝසි කරනු ඇති.
ලංකාව දූෂණ දර්ශකයෙන් පල්ලම් බහියි !
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශකයට අනුව, 2018 වසරේදී ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
ඒ අනුව රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත්ව ඇති අතර 2017 වසරේ දී ශ්‍රී ලංකාව රටවල් 180ක් අතරින් එම දර්ශකයේ 91 වැනි ස්ථානයේ . 2017 වසරේදී රටවල් 176ක් අතරින් ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයේ පසුවිය.

සුරාබදු වැටලීම් අදායම මිලියන 203යි
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2018 වර්ෂය තුළ සිදු කරන ලද වැටලීම් 49,305 ක සැකකරුවන් අධිකරණයට ඉදිරිත් කිරීම තුළින් රජයට රුපියල් මිලියන 203.46 ක ආදායමක් අය කර දී ඇති බව සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි.
පසුගිය වසර තුළ සුරාබදු නිලධාරීන් විසින් සුරාබදු ආඥා පනත යටතේ ග්‍රහනයන් 36958 ක් සිදු කර ඇත.
පසුගිය වසර තුළ සුරාබදු නිලධාරීන් විසින් සුරාබදු ආඥා පනත යටතේ ග්‍රහනයන් 36958 ක් සිදු කර ඇත.
දරුවන් 11,000 ක් දරුකමට යුරෝපයට
ලංකාවේ ජීවත් වන කුඩා දරුවන් ඇතුළු බිළිඳුන් දරුකමට හදා ගැනීම සඳහා විදෙස් රටවලට යවා ඇති බවට ස්විට්ලන්තයේ වාර්තාවක් තොරතුරු අනාවරණය කර තිබේ.
මෙම දරුවන් යුරෝපීය හා සෙසු රටවලට මෙලෙස යවා ඇති බව එම වාර්තාව වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.
මෙම දරුවන් යුරෝපීය හා සෙසු රටවලට මෙලෙස යවා ඇති බව එම වාර්තාව වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.
මැතිවරණය පිළිබඳව කැබිනට් මණ්ඩලයට ජනපතිගෙන් දැනුම්දීමක්
මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
නාවික හමුදාවෙන් අහසට වෙඩි - කින්නියා හිදි උණුසුම් තත්වයක්
නාවික හමුදාව විසින් කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශයේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය මැද ඇති වූ නොසන්සුන්තාවයකදී අත්අඩංගුවේ සිටි තිදෙනා ගඟට පැන පලා ගොස් තිබෙනවා.
ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරයි
වත්කම් බැරකම් ප්‍රකාශන ඉදිරිපත් නොකළේ යැයි හිටපු ඇමතිවරයෙකු වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.
රුක්මණී දේවිගෙ මරණය ගැන සැකයක් !
ස්වාභාවික මරණයක් ලෙස තීන්දු කර අවසන් කටයුතු සඳහා බාර දුන් මෘත දේහයක් නැවත ගෙන්වා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ විට ගෙළ සිර කර සිදු කරන ලද ඝාතනයක් බවට අනාවරණය වීමත් සමග ඒ සම්බන්ධයෙන් මාරවිල පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
උසස්පෙළ සිසුන්ට අකිලගෙන් මේ වසරේදී ටැබ්
උසස් පෙළ දරු දැරියන් සහ ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබාදීම මේ වසරේ දී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එසේම මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම මැයි මාසයේ සිට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය තෝරාගත් අනෙකුත් පාසල්වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
සිංහරජයට අත නොතබනු.. පාර වසා විරෝධතා
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සූරියකන්ද. පොත්දෙනිය. කල්ලුමලේ. නිල්දෙණිය. කඩ මුදුන. යන සිංහරාජ වනාන්තරයට අයත් ජල පෝෂක ප්‍රදේශ තේ වගාව සඳහා එළි පෙහෙළි කිරීම නිසා ජල පෝෂක ප්‍රදේශවල ජලය සිඳී ගොස් ඇතැයි පවසමින් මෙම වන විනාශය වහාම නතර කරන දෙන ලෙස ඉල්ලමින් සූරියකන්ද නගරයේ විරෝධතාවයක් ඊයේ දින පැවැත්විණි.
මත්පැන් මිල ඉහළට - මිල ගණන් මෙන්න
දේශීය මත්පැන් බෝතලයක මිල ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දමා තිබෙනවා. වෙළදපල ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා ඩිස්ටලරිස් සමාගම සිය මත්පැන් බෝතලයක මිල රු. 10/- කින් ඉහළ දමා ඇත.
ඊට අමතරව මත්පැන් භාගය සහ කාල බෝතලයක මිලද රු. 20 බැගින් ඉහළ දමා තිබෙනවා.
ඊට අමතරව මත්පැන් භාගය සහ කාල බෝතලයක මිලද රු. 20 බැගින් ඉහළ දමා තිබෙනවා.
විමල් CID යට - රන්ජන් ශ්‍රේෂ්ඨාධිකරණයට
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.
අධිකරණයට අපහාස කළා යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ඇති නඩු කටයුත්ත සඳහා අමාත්‍යවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.
අධිකරණයට අපහාස කළා යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ඇති නඩු කටයුත්ත සඳහා අමාත්‍යවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටියේය.
රවීන්ද්‍ර යසස් හදිසි අනතුරකට ලක්වෙයි
ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය අද (28) අළුයම බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි හදිසි අනතුරකට ලක්ව තිබේ.
අනතුරෙන් සුළු තුවාල ලැබු ඒ මහතා හොරණ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
අනතුරෙන් සුළු තුවාල ලැබු ඒ මහතා හොරණ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
උතුරත් දකුණත් පාතාලය යා කරයි
දකුණේ පාතාල කල්ලියක් සමග කටයුතු කරන එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් දෙදෙනකුට නවාතැන් හා වෛද්‍ය පහසුකම් සලසා දුන් කිළිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ කාන්තාවක පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීයන් සමඟ පුස් කරවල ගබඩාවක් කැකිරාවෙන්
කැකිරාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පෙරේදා (26) කැකිරාව නගරයේ සිදු කරන ලද වැටලීමකදී වෙළෙඳසලක ගබඩා කර තිබූ පුස්කන ලද ඉතා අපිරිසිදු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කරවල හා හාල්මැස්සන් කිලෝ 2000 ක් පමණ අත්අඩංගුවට ගත් බව කැකිරාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉවත් කිරීමට සැරසේ
එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප්‍රධාන කී‍්‍රඩකයින් දෙදෙනෙකු ඉවත් කරනු ඇතැයි කී‍්‍රඩා ආරංචි මාර්ග පවසනවා.
ඒ, ඔවුන් දෙදෙනා ඉකුත් සමයේ එක්දින පිටියේ දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන්.
ඒ, ඔවුන් දෙදෙනා ඉකුත් සමයේ එක්දින පිටියේ දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන්.
සේනා මඩින්න බ්‍රිතාන්‍ය උගුල් අටවන්න කෘෂිකර්මය සැරසෙයි !
සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා යොදා ගන්නා පෙරමෝන උගුල් 20,000ක් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
එහි අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, එය මෙරට තුළ පරීක්ෂණ මට්ටමින් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව ය.
එහි අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් මහතා සඳහන් කළේ, එය මෙරට තුළ පරීක්ෂණ මට්ටමින් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව ය.
ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අන්ත පරාජයක්
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 40 ක ජයක් වාර්තා කිරීමට ඕස්ටේ්රලියානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.
සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සියළුම පිතිකරුවන් දැවී ගියේ ලකුණු 139 කටයි. පළමු ඉනිමේදී ශී‍්‍ර ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 144 ක්.
සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සියළුම පිතිකරුවන් දැවී ගියේ ලකුණු 139 කටයි. පළමු ඉනිමේදී ශී‍්‍ර ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 144 ක්.
ඊජිප්තුවේදී නැතිවුණ “නූරා" හරීන් ලංකාවේ සොයයි !
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශය විසින් ලංකාවේ මාධ්‍ය ආයතන වෙත හාස්‍ය උපදවන ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ 2011.05.16 දින කටාර් බලා පිටත්ව ගොස් පසුව ඊජිප්තුව බලා ගොස් ඇති බව කියන පොළොන්නරුව, කාලින්ගල, දිවුලන, අංක 52 ලිපිනයේ පදිංචිව සිටි නූරා ඊබ්‍රාහිම් නම් කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112- 864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙසයි.

වී ගොවිතැනටත් සේනා දළඹුවා පැතිරීමේ අවධානමක්
නුවරඑලිය ගිනිගත්හේන අඹගමුවේ බඩ ඉරිගු වගාවක ව්‍යාප්ත වි සිටි සේනා දළඹුවන් හමුවි අැත.
අඹගමුව ප්‍රදේශයේ අක්කර 1 ½ පමණ භුමි භාගයක වගා කර තිබු බඩ ඉරිගු වගාවකට මිට දින කිහිපයකටම ප්‍රථම සේනා දළඹුවන් පැති සිටි බව එම බඩ ඉරිගු වගාවේ අයිතිකරුවන ජි.ඩි.දයාසිරි මහතා පවසයි.
අඹගමුව ප්‍රදේශයේ අක්කර 1 ½ පමණ භුමි භාගයක වගා කර තිබු බඩ ඉරිගු වගාවකට මිට දින කිහිපයකටම ප්‍රථම සේනා දළඹුවන් පැති සිටි බව එම බඩ ඉරිගු වගාවේ අයිතිකරුවන ජි.ඩි.දයාසිරි මහතා පවසයි.
වතුරට බොරු කරන කොම්පැණි ගැන ඇමැති හැරිසන් අවධානයෙන්
ලියාපදිංචිය තහවුරු නොකළ මෙරට පානීය ජල බෝතල් සමාගම් පිළිබඳව සහ යෝග්‍යතා සහතික නොමැති නළ ළිං ඉදිකරන සමාගම් පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව නීsත්යානුකූල පියවර ගැනීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.
මත්ජාවාරමුන් 24කගේ වත්කම් රාජසන්තක කිරීමට යයි
මීට සති කිහිපයකට පෙර බේරුවල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ දෙසිය තිහකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ සමන්තද සිල්වා ඇතුළු හඳුනාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනකුගේ බිලියන ගණනක් වූ වත්කම් රාජසන්තක කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ සිදු කර ගෙන යයි.
ශ්‍රී දළදා මාලිගාවේ එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයට අදට අවුරුදු 21 යි
1998 ජනවාරි 25 වන දින එල්ටීටීඊ ත්රස්තවාදීන්, එවර නිදහස් උළෙලට සැරසෙමින් තිබූ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය තුල දැවැන්ත බෝම්බය පුපුරුවා මෙම සාහසික අපරාධය සිදු කරනු ලැබිය.
එදින පෙරවරු 6:10 ට පමණ, මරාගෙන මැරෙන කළු කොටි තිදෙනෙකු විසින් පුපුරණ ද්‍රවය තොගයක් පැටවූ ට්‍රක් රථයක් රජ වීදිය ඔස්සේ පදවාගෙන පැමිණ, අවට මං බාධකවල සිටි හමුදා භටයින්ටද වෙඩි තබා, මාලිගාවේ පිවිසුම් අංගණය වෙත කඩා වැදෙමින් පිපිරවීම සිදු කරන ලදී.

එජාප නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස පත් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (24) ඒකමතිකව තීරණය කර තිබේ.
වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පක්ෂයේ අභ්‍යන්තර කටයුතු ලේකම් ලෙස පත් කර තිබේ.
වරාය හා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පක්ෂයේ අභ්‍යන්තර කටයුතු ලේකම් ලෙස පත් කර තිබේ.
ශී‍්‍ර ලංකාව ලෝක කුඩු කෙරුමන්ගේ ග්‍රහණයේ
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කොළඹ කොල්ලූපිටියේදී කිලෝ ග්‍රෑම් සියයක හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සම`ග ලෝක හෙරොයින් ජාවාරමේ භයානකම කේන්ද්‍රස්ථානය ලෙස හදුනාගෙන තිබෙන ‘රන් චන්ද්‍රවංකයේ’ කි‍්‍රයාත්මක ජාත්‍යන්තර මාෆියා කල්ලිවල ග්‍රහණයට ශ්‍රී ලංකාව ගොදුරු වී ඇති බව හෙළි වී තිබේ.
ඌවේ මහඇමති ගිය මඟට පතාක ගසක් වැටෙයි
හල්දුම්මුල්ල ඉලූක්පැලැස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ලක් සිසු අයිතියට පැවරීමේ උත්සවයක් සඳහා ඉකුත් (22) යමින් සිටි ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පිරිසට බලංගොඩ සමනළ වැව රක්ෂිත මාර්ගයට වැටී තිබූ විශාල ගසක් කපා ඉවත් කරගෙන සිය ගමන යාමට සිදුවිය.
කිරිපිටි මිල ගැන තීන්දු වෙයි
කිරිපිටි මිල ඉහළ දැමීමට ආනයනික සමාගම් සිදුකර තිබූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
මේ අනුව ආනයනික කිරිපිටි පවතින මිලටම අලෙවි කළ යුතු බවද එම අධිකාරිය සඳහන් කරයි.
කිරිපිටි මිල ඉහළ දැමීමට අවසර ලබාදෙන ලෙස කිරිපිටි ආනයනය කරන සියලු සමාගම් පසුගිය දිනවල පාරිභෝගික කටයුතු අධිකාරියට යෝජනාවක් කර තිබිණි.

කිරලාගල චෛත්‍යයට නැග්ග අග්නිදිග සිසුහු රිමාන්ඞ්
හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී එහි ඇති පුරාවිද්‍යා වටිනාකමක් ඇති චෛත්‍යක් මතට නැග ඡායාරූප ගෙන එය සමාජ ජාල වෙබ් අඩවිවලට මුදා හැරීමේ චෝදනාව සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුන් 8 දෙනෙකු පෙබරවාරි 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා ඊයේ (24 දා) පස්වරුවේ නියෝග කළේය.
සුමන්තිරන්ට අලුත් තනතුරක්
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ඊයේ (24දා) පත්විය. පාර්ලිමේන්තුවේදී ඊයේ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේ මෙම පත් කිරීම සිදුවිය.
යාපනයෙන් ඉන්දියාවට ගුවන් ගමන් !
යාපනයේ පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් බිලියන දෙකක් වෙන් කිරිමට තීරණය කර තිබේ.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කර ඇති අතර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. යුද සමයේ හමුදාව හා යුද උපකරණ ප්‍රවාහනය සඳහා පලාලි ගුවන් තොටුපළ පුළුල් ලෙස භාවිතා කරන ලදී.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව උතුරු පළාත් සංවර්ධන අමාත්‍යංශය විසින් සකස් කර ඇති අතර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. යුද සමයේ හමුදාව හා යුද උපකරණ ප්‍රවාහනය සඳහා පලාලි ගුවන් තොටුපළ පුළුල් ලෙස භාවිතා කරන ලදී.
බුකියම කතා කරපු සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට බලංගොඩදි ප්‍රහාරයක් !
ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයන්හි කතාබහට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට සංගීත සංදර්ශනයකදී ප්‍රහාරයක් එල්ලව තිබෙනවා.
සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම සහභාගී වූ එළිමහන් ප්‍රසංග දර්ශන වඩාත් ජනප්‍රිය මගී ප්‍රවාහන බස් රථ ආශ්‍රිතවය. එම නිසා එම සංගීත කණ්ඩායම සමාජ ජාලා වෙබ් අඩවියන්හී අතිශය කතාබහට ලක්වුනා.
සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම සහභාගී වූ එළිමහන් ප්‍රසංග දර්ශන වඩාත් ජනප්‍රිය මගී ප්‍රවාහන බස් රථ ආශ්‍රිතවය. එම නිසා එම සංගීත කණ්ඩායම සමාජ ජාලා වෙබ් අඩවියන්හී අතිශය කතාබහට ලක්වුනා.
තවත් දළඹුවෙක් ගොයමට බසී
'සේනා' දළඹුවා මෙන් බඩඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් දළඹු වර්ගයක් දිඹුලාගල, මනම්පිටිය, වෙල්යාය ප්‍රදේශයේ ගොයමක සිටියදී ඊයේ (23දා) ගොවි මහතෙකුට හමුවී තිබේ.
මනම්පිටිය, දළුකාන ප්‍රදේශයේ පදිංචි එස්. ප්‍රේමදාස (අවු.50) මහතාට ඔහුගේ කුඹුරේ ගොයම් කොළවල සිටියදී අදාළ දළඹුවා හමුවී ඇත.
මනම්පිටිය, දළුකාන ප්‍රදේශයේ පදිංචි එස්. ප්‍රේමදාස (අවු.50) මහතාට ඔහුගේ කුඹුරේ ගොයම් කොළවල සිටියදී අදාළ දළඹුවා හමුවී ඇත.
බ්‍රිතාන්‍ය නියෝජිතයින් උතුරේ ආණ්ඩුකාර හමුවෙයි
එක්සත් රාජධානි දකුණු ආසියානු කලාපය භාර සම්බන්ධීකාරක ෆර්ගස් ඕල්ඩ් මහතා හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා අතර සාකච්ජාවක් ඊයේ(23) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විය.
උතුරු පළාතේ වර්තමාන දේශපාලන තත්ත්වය, සංවර්ධන කටයුතු හා යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචිවූවන්ගේ තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී සාකච්ජා පැවැත්වූහ.
උතුරු පළාතේ වර්තමාන දේශපාලන තත්ත්වය, සංවර්ධන කටයුතු හා යුද්ධයෙන් අවතැන්ව නැවත පදිංචිවූවන්ගේ තත්වය සම්බන්ධයෙන් දෙපාර්ශවය එහිදී සාකච්ජා පැවැත්වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ති‍්‍රක් නායකයන් පත් කෙරේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව දිස්ති‍්‍රක් නායකයන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තේ ය.
කාලෙකට පස්සේ ආ දුමින්දට පුටුවත් හොයාගන්න බැරිවෙලා
පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක ඊයේ (23දා) දීර්ඝ කාලයකට පසුව මැතිසබයට පැමිණ විපක්ෂයේ අසුන් ගත්තේය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු පැවැති සභාවාරවලට සහ ඉන් පසුව පැවැත්වුණු සභාවාරවලට මන්ත්‍රිවරයා සහභාගි නොවීමද විශේෂත්වයකි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු පැවැති සභාවාරවලට සහ ඉන් පසුව පැවැත්වුණු සභාවාරවලට මන්ත්‍රිවරයා සහභාගි නොවීමද විශේෂත්වයකි.
නිදහස් දිනයේ නමත් වෙනස් වෙයි
මෙතෙක් කලක් භාවිත කල නිදහස් දින සැමරුම යන නාමය වෙනුවට එය ජාතික දින සැමරුම ලෙස සංශෝධනය කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් විෂයභාර අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.
එහිදී අදහස් දක්වමින් අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8 වන වගන්තිය අනුව, ජාතික දිනය (නැෂනල්) National Day යනුවෙන් ඇති බවත් එය Freedom Day යනුවෙන් හැඳින්වෙන්නේ නොමැති බව ද පැවසීය.

රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට
මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලත්රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.
ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන රියදුරන්ගේ රියදුරු බලත්රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.
සරත් එන්. සිල්වාට නොතීසි නිකුත් කෙරේ !
හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එළැඹෙන 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නොතීසි නිකුත් කලේය.
අධිකරණයට අපහාස කලේ යයි හිටපු අගවිනිසුර එරෙහිව පැමිණිලිකරුවන් තිදෙනෙකු විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් කැදවමින් මෙසේ නියෝග කර තිබේ.
අධිකරණයට අපහාස කලේ යයි හිටපු අගවිනිසුර එරෙහිව පැමිණිලිකරුවන් තිදෙනෙකු විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් කැදවමින් මෙසේ නියෝග කර තිබේ.
රජයේ විධායක නිලධාරීන් අනතුරු අඟවයි !
රජයේ විධායක සේවාවල නිරත නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ගැටලුව සති දෙකක් තුළ විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.
ගෝඨාගේ නඩුව කල් ගිය හේතුව මෙන්න !
වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන්කෝටි තිස්නව ලක්ෂයක මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනකුට බස්නාහිර පළාත්බද ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා, ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණමය බලයක් නොමැති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කිරීම හේතුවෙන් මෙම මූලික විරෝධතාව පිළිබඳව රජයේ පාර්ශවයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා නඩුව නැවත ජනවාරි 31 වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියෝග කරන ලදී.