gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරත් දකුණත් පාතාලය යා කරයි

දකුණේ පාතාල කල්ලියක් සමග කටයුතු කරන එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් දෙදෙනකුට නවාතැන් හා වෛද්‍ය පහසුකම් සලසා දුන් කිළිනොච්චියේ වට්ටකච්චි ප‍්‍රදේශයේ කාන්තාවක පොලිස් ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාන්තාවගේ ස්වාමියාද එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු වන අතර ඔහු යුද්ධය නිම වීමේන් පසුව එල්. ටී. ටී. ඊ. ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට ලැබුණු තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් මීට සුළු කාලයකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සමග එකට එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරකම්වල යෙදුණු කාන්තන් සහ වේන්දන් නමැත්තන් ආරක්ෂක අංශවලට අවශ්‍යව ඇත.

ඔවුන් දෙදෙනා මේ කාන්තාවගේ නිවසේ සිටින බවට ලද තොරතුරක් මත ඔවුන් සොයාගෙන අදාළ කාන්තාවගේ නිවසට ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් ගිය අවස්ථාවේදී ඔවුන් ඊට පෙර දිනයේ එම නිවසේ රැඳී සිට රාත‍්‍රිය ගෙවා ආපසු ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පෙර දිනයේදී පැමිණ ඇති එම එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයකු කිසියම් සිද්ධියකදී තුවාල ලබා ඇති අතර ඔහුට ප‍්‍රතිකාර කිරීමද දෙදෙනාටම ආහාර ඇතුළු සියලූ පහසුකම්ද සලසා ඇත්තේද මේ කාන්තාව විසිනි.

මොවුන් තුවාල ලබන්නට ඇත්තේ දකුණේ පාතාල කල්ලියක් සමග සම්බන්ධ බැවින් එවැනි ස්ථානයක සිදුවූ සිදුවීමක් හේතුවෙන්ද නැතහොත් වෙනත් හේතුවක් නිසාද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

සැමියා අත්අඩංගුවට පත්වීමෙන් පසුව තමාට ජීවත් වීමට මගක් නොමැතිව අසරණව සිටින බවත් තමන්ට අවශ්‍ය සියලූම දේවල් සපයා දෙන ලද්දේ කාන්තන් හා වේන්දන් විසින් බවත් ආරක්ෂක අංශ විසින් කළ ප‍්‍රශ්න කිරීම්වලදී කාන්තාව පවසා තිබේ. අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත අදාළ කාන්තාව රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යයි.

(දිවයින)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka