gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීයන් සමඟ පුස් කරවල ගබඩාවක් කැකිරාවෙන්

කැකිරාව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පෙරේදා (26) කැකිරාව නගරයේ සිදු කරන ලද වැටලීමකදී වෙළෙඳසලක ගබඩා කර තිබූ පුස්කන ලද ඉතා අපිරිසිදු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කරවල හා හාල්මැස්සන් කිලෝ 2000 ක් පමණ අත්අඩංගුවට ගත් බව කැකිරාව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සාමාන්‍ය රාජකාරියේ නිරතවීමේ දී කරන ලද සොයා බැලීමක දී පුස්කන ලද කරවල ගබඩාව තුළ රැදී සිටි සේවකයින් බුරුසු යොදා පුස් ඉවත් කරමින් සිට ඇත. පසුව ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂා කිරීමේ දී හාල්මැස්සන් පෙට්ටි විවෘත කර බලන විට පුස්වලට අමතරව මී පැටවුන් ද සිට ඇත.

මෙවැනි කරවල හා හාල්මැස්සන් පෙට්ටි 200ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුස් සහිත කොටස් පරිභෝජනයට ගැනීම මගින් ශරීරයේ වකුගඩුවලට එම පුස්වල විෂ කොටස් මගින් විශාල ලෙස හානි විය හැකි බවත්, එමගින් වකුගඩු රෝගය ද ඇතිවිය හැකි බවත් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමිකරුට එරෙහිව බී වාර්තාවක් මගින් කැකිරාව දිසා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර තිබුණි.

කැකිරාව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කවිරාජ් කරුණාවර්ධන මහතාගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත කරුණාතිලක, කැකිරාව කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.එම්.වර්ණසූරිය, ගනේවල්පොල කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.කාරියප්පෙරුම යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකෙරිණි. වැඩිදුර පරීක්ෂණ කැකිරාව ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka