gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ප්‍රධාන ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉවත් කිරීමට සැරසේ

එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන කී‍්‍රඩකයින් දෙදෙනෙකු ඉවත් කරනු ඇතැයි කී‍්‍රඩා ආරංචි මාර්ග පවසනවා.

ඒ, ඔවුන් දෙදෙනා ඉකුත් සමයේ එක්දින පිටියේ දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන්.
මෙම කී‍්‍රඩකයින් දෙදෙනා දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් ඔවුන්ට එක්දින කණ්ඩායමේ ස්ථානයක් ලබාදීම සම්බන්ධයෙන් ඉකුත් දිනවල කතාබහට ලක් වුණා.

ඔවුන් දෙදෙනා වෙනුවට ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමට කැඳවීමට අපේක්‍ෂා කරන්නේ නවක කී‍්‍රඩකයින් දෙදෙනෙකු වන අවිශ්ක ප‍්‍රනාන්දු සහ කමිදු මෙන්ඩිස්. ඒ, ඔවුන් දෙදෙනා මේ වනවිට පැවැත්වෙන අයර්ලන්ත තරගාවලියේදී දක්වන දක්‍ෂතා හේතුවෙන්.

අවිශ්ක ප‍්‍රනාන්දු මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග හතරේදී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් රැස් කිරීමටයි සමත් වුණේ. අයර්ලන්ත ඒ කණ්ඩායම සමග ඉකුත් සෙනසුරාදා පැවති තරගයේදීද ඔහු ලකුණු 139 ක් රැස් කළා. කමිදු මෙන්ඩිස්ද මෙම තරගාවලියේදී තුන්ඉරියව්වෙන්ම දැක්වූ දක්‍ෂතා කැපී පෙනුනා. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දකුණු අපි‍්‍රකානු සංචාරය පෙබරවාරි 13 වැනිදා ආරම්භ වනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka