gossip lanka

නාවික හමුදාවෙන් අහසට වෙඩි - කින්නියා හිදි උණුසුම් තත්වයක්

නාවික හමුදාව විසින් කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශයේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය මැද ඇති වූ නොසන්සුන්තාවයකදී අත්අඩංගුවේ සිටි තිදෙනා ගඟට පැන පලා ගොස් තිබෙනවා.
පසුව එක අයෙක් යලිත් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා අතුරුදන්ව ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අද (29) පෙරවරුවේ නාවික හමුදාව විසින් මෙම හදිසි වැටලීම සිදුකරනු ලැබුවේ ලද තොරතුරකට අනුව බවයි පැවසෙන්නේ.

ඊයේ (28) රාත්‍රියේදීද නාවික හමුදාව විසින් අනවසර වැලි ටිපර් රථ 02ක් සහ සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කින්නියා - කන්දල්කාඩු ප්‍රදේශයේ සිදුවන මෙම මෙහයුම්වලට එරෙහිව වැලි ජාවාරම්කරුවන් ප්‍රදේශවාසීන් සමග එක්ව නාවික හමුදාවට එරෙහිව විරෝධතාවක්ද පවත්වා ඇති අතර එහිදී පිරිසක් නාවික හමුදා සෙබලුන්ට පහරදීමටද උත්සහ කර තිබෙනවා. තත්ත්වය පාලනය කිරීමට නාවික හමුදාව අහසට වෙඩි තබා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
gossip lanka