gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී දළදා මාලිගාවේ එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයට අදට අවුරුදු 21 යි

1998 ජනවාරි 25 වන දින එල්ටීටීඊ ත්‍ර‍ස්තවාදීන්, එවර නිදහස් උළෙලට සැරසෙමින් තිබූ ශ්‍රී දළදා මාළිගා පරිශ්‍ර‍ය තුල දැවැන්ත ‍ බෝම්බය පුපුරුවා මෙම සාහසික අපරාධය සිදු කරනු ලැබිය.

එදින පෙරවරු 6:10 ට පමණ, මරාගෙන මැරෙන කළු කොටි තිදෙනෙකු විසින් පුපුරණ ද්‍රව‍ය තොගයක් පැටවූ ට්‍ර‍ක් රථයක් රජ වීදිය ඔස්සේ පදවාගෙන පැමිණ, අවට මං බාධකවල සිටි හමුදා භටයින්ටද වෙඩි තබා, මාලිගාවේ පිවිසුම් අංගණය වෙත කඩා වැදෙමින් පිපිරවීම සිදු කරන ලදී.
අධි පුපුරණ ද්‍රව්‍ය කිලේා ග්‍රෑම් 300-400ක් පමණ අන්තර්ගතවූ ට්‍රක් රථය, ප්‍රධාන පිපිරීම් දෙකකින් විනාශයට පත්වූ බව සඳහන් වෙයි.

ප්‍රහාරය‍ෙ‍න් එල්ටීටීඊ ත්‍ර‍ස්තවාදීන් තිදෙනා සහ වයස අවුරුදු 2 ක දරුවෙකු ඇතුළු 16 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර,තවත් 25 දෙනෙකු තුවාල ලැබූහ.

තුවාල ලැබූ අය අතර කාන්තාවන් සිව් දෙනෙක්, භික්ෂුන් වහන්සේ නමක් සහ පොලිස් නිළදාරියෙක් වූහ.

මේ දැවැන්ත ප්‍රහාරයේ බලපෑම නිසා, වටපිටාවේ කිලෝ මීටර 5 ක් පමණ දුරින් වූ සමහර ගොඩනැගිලිවලට හානි සිදුව තිබුණි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka