gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වී ගොවිතැනටත් සේනා දළඹුවා පැතිරීමේ අවධානමක්

නුවරඑලිය ගිනිගත්හේන අඹගමුවේ බඩ ඉරිගු වගාවක ව්‍යාප්ත වි සිටි සේනා දළඹුවන් හමුවි අැත.

අඹගමුව ප්‍රදේශයේ අක්කර 1 ½ පමණ භුමි භාගයක වගා කර තිබු බඩ ඉරිගු වගාවකට මිට දින කිහිපයකටම ප්‍රථම සේනා දළඹුවන් පැති සිටි බව එම බඩ ඉරිගු වගාවේ අයිතිකරුවන ජි.ඩි.දයාසිරි මහතා පවසයි.
බඩ ඉරිගු ගස්වල පැතිර සිටින සේනා දළඹුවන් දිනපතා ඉවත් කරන බවත්, බඩඉරිගු වගාව ආරක්ෂා කැ ගැනිම සදහා දිනපතා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් නිර්දේෂ කර තිබෙන අළු යොදවන බව ජි.ඩි.දයාසිරි මහතා කියා සිටියි.

එම බඩ ඉරිගු වගාව අසලම වි ගොවිතැන සහ එළවළු වගාව සිදු කරන බවත්, එම වි ගොවිතැනට සහ එලවළු වගාවටද සේනා දළඹුවන් ව්‍යාප්ත විමේ අවධානමක් පවතින නිසා වගාවන් තුනම ආරක්ෂා කර ගැනිම දැඩි කැපවිමක් සිදු කරන බව ඩි.ජි දයාසිරි මහතා කියයි.

තම බඩ ඉරිගු වගාවට ව්‍යාප්ත වි ඇති සේනා දළඹුවන් පිලිබදව කෘෂිකර්ම නිලධාරින් පැමිණ පරික්ෂණ පැවැත් වු බවද ජි.ඩි දායසිරි මහතා පැවසීය.

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට හැටන් රුවන්පුර, නුවරඑලිය වලපනේ තෙරිපැහැ සහ ගිනිගත්හේන අඹගමුවෙන් මේ වන විට සේනා දළඹුවන් සොයාගෙන ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka