gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වතුරට බොරු කරන කොම්පැණි ගැන ඇමැති හැරිසන් අවධානයෙන්

ලියාපදිංචිය තහවුරු නොකළ මෙරට පානීය ජල බෝතල් සමාගම් පිළිබඳව සහ යෝග්‍යතා සහතික නොමැති නළ ළිං ඉදිකරන සමාගම් පිළිබඳව සොයා බලා ඔවුන්ට එරෙහිව නීsත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා අදාළ අංශ වෙත උපදෙස්‌ දී ඇත.
නියමිත තත්ත්ව සහතිකය යටතේ ජල බෝතල් සමාගම් 164ක්‌ පමණ ලියාපදිංචි කළ ද ඉන් බාහිරව දහස්‌ ගණනක ජල බෝතල් නිෂ්පාදන සමාගම් රටේ තිබෙන බවට හෙළි වී තිබේ. ඒ වගේම නළ ළිං ඉදිකරන පෞද්ගලික සමාගම් 196 ඇතත් ඉන් යෝග්‍යතා සහතික ලබා ගෙන ඇත්තේ ආයතන 13 ක්‌ බවද අමාත්‍යාංශය සඳහන් කරයි. එම නිසා ඉදිරියේදී නියමිත පරිදි භුගත ජල කළමනාකරණය ක්‍රමවත්ව සිදු කිරීම සඳහා කටයුතු නොකරන ආයතන සඳහා නීතිමය පියවර කඩිනමින් ගන්නා ලෙසත් භූගත ජල ධාරිතාව ලීටර් ලක්‍ෂය ඉක්‌මවන ජල බෝතල් සමාගම්වලින් ගාස්‌තු අයකර ගන්නා ලෙසත් ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්‌. රුවන්චන්ද්‍ර මහතා සහ වාරිමාර්ග අමාත්‍යාංශ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී තීරණය කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka