gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඊජිප්තුවේදී නැතිවුණ “නූරා" හරීන් ලංකාවේ සොයයි !

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේ ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශය විසින් ලංකාවේ මාධ්‍ය ආයතන වෙත හාස්‍ය උපදවන ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ 2011.05.16 දින කටාර් බලා පිටත්ව ගොස් පසුව ඊජිප්තුව බලා ගොස් ඇති බව කියන පොළොන්නරුව, කාලින්ගල, දිවුලන, අංක 52 ලිපිනයේ පදිංචිව සිටි නූරා ඊබ්රාහිම් නම් කාන්තාවක් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112- 864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙසයි.
අදාළ නිවේදනයට අත්සන් තබා ඇත්තේ ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ සැලසුම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකි.

ඊජිප්තුවේදී අතුරුදහන්ව ඇති කාන්තාවක් සම්බන්ධයෙන් මෙවැනි නිවේදනයක් නිකුත් කරනු ලැබුවේ අදාළ කාන්තාව සොයන බවට ශ්‍රී ලාංකික ජනතාවට ඒත්තු ගැන්වීමේ උත්සාහයක් හා ඔවුන් මුලා කිරීමේ අරමුණකට බවට මේවන විට එම කාර්යාංශයට චෝදනා එල්ලව තිබේ.

නොඑසේ නම් ඊජිප්තුවේ නැතිවූ අයෙක් ලංකාවේ මාධ්‍ය නිවේදන යොදා සෙවීම කොතරම් ප්‍රායෝගික ද යන්න ගැටලු සහගත තත්ත්වයක් මෙන්ම එසේ තොරතුරු ඉල්ලන්නේ 2011 අතුරුදහන් වූ අයෙක් සම්බන්ධයෙන්වීමද මේ නිවේදනය ප්‍රායෝගික නොවන්නක් බව මාධ්‍ය ආයතන මතය වී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka