gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාව දූෂණ දර්ශකයෙන් පල්ලම් බහියි !

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළිදක්වන දූෂණ සංජානන දර්ශකයට අනුව, 2018 වසරේදී ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒ අනුව රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත්ව ඇති අතර 2017 වසරේ දී ශ්‍රී ලංකාව රටවල් 180ක් අතරින් එම දර්ශකයේ 91 වැනි ස්ථානයේ . 2017 වසරේදී රටවල් 176ක් අතරින් ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයේ පසුවිය.
මේ පිළිබඳව අදහස් දක්වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරන්නේ එම දර්ශකයෙන් පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි.

දකුණු ආසියාතික රටවල් අතරින් තුන් වන (03) ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතත් එය පසුවන්නේ පිළිවෙලින් ලෝකයේ විසි පස්වන (25) සහ හැත්තෑ අට වන (78) ස්ථාන හිමිකර ගන්නට සමත් වූ භූතානය සහ ඉන්දියාවට පසුපසිනි.

රටවල් 180 ක රාජ්‍ය අංශයේ වාර්තා වන දූෂිත ක්‍රියාකාරකම් මැනීම සඳහා 2018 වසරේ දූෂණ විරෝධී සංජානන දර්ශකය ගණනය කිරීමේදී, සමීක්ෂණ සහ විශේෂඥ ඇගයීම් 13 ක් යොදා ගනු ලැබූ අතර, ඉන් ලැබුණු ප්‍රථිපල අනුව, පිළිවෙලින් ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 88 සහ 87 අගයන් ලබා ගනිමින් ප්‍රථම සහ දෙවන ස්ථාන වල රැඳී සිටින අතර ලකුණු 10 ක අගයක් ලබා ගත් සෝමාලියාව අවසාන ස්ථානයේ පසු වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka